Google සමාගමේ අලුත්ම කීබෝඩ් එක - GBoard ... [ Google's Gboard info andDownload links ] ... - ANDROIDOSL

Search this site

Google සමාගමේ අලුත්ම කීබෝඩ් එක - GBoard ... [ Google's Gboard info andDownload links ] ...

PicsArt_01-12-03.57.55
.
මේක මුලින්ම Google සමාගම ලොන්ච් (launch) කරල තියෙන්නෙ IOS වලට Gboard නමින්. අලුත් විශේෂාංග(features) රැසක් එක්ක තමා නිකුත් කරල තියෙන්නෙ.

ඊට පස්සෙ පසුගිය මාසයේ ඇන්ඩ්‍රොයිඩ් වලට නිකුත් කලා.(google keyboard එකට update එකක් විදියට ) මේකේ තියන features නම් ඉතින් සුපිරියි .මම ටෙස්ට් කරල බලල කියන්නෙ ආයෙ කියන්න දෙයක් නෑ.type කරන එක ගොඩක් පහසු කරවනව මේකෙ අලුත් වැඩ කෑලි වලින්

මේක ගැන ආයෙම ලොකුවටම ඇදිල ආවෙ,මුල් අප්ඩේට් වල බග්ස් වගයක් තිබිල තියෙනව.ඉතින් GBoard usersලා පුන පුනා බලන් හිටපු bug fix update එකක් එනවලු ලගදිම.අන්න ඒකයි :)

Bug fix update එක එන්න කලින් ඔයාට try කරල බලන්න පුලුවන් ඕන්නම් .මට නම් එහෙමකට ලොකු අවුලක් වුනෙත් නෑ බග් කියල.

දැන් පම්පෝරි ඇති .මේකෙ මොනාද අලුත් features තියෙන්නෙ කියල බලමු.


1. Built-in Google search ( කීබෝඩ් එකටම එන Google Search )


මේක තමා ගොඩක්ම කතා බහට ලක් වුන feature එක . පට්ටම වැඩක් තමා මේක ඉතින්.
ඔයාට පේනවද වම් පැත්තෙ උඩින් තියන G සලකුන. අන්න ඒක press කලාම තමා මේ feature එක ක්‍රියාත්මක( active) වෙන්නෙ.
එතකොට අපි keyboard එකේ type කරන ඒව Google search විදියට suggest වෙන්න ගන්නව.ඒක උඩ ක්ලික් කලාම අදාල ප්‍රෂ්නයට පිලිතුරු ලබා දෙනව .
මේකෙ වටිනකම තමා search results වෙනම ඇප් එකක් හරහා බලන්න ඕන නෑ . කීබෝර්ඩ් එකේමයි පෙන්වන්නේ.මේ පහසුකම හදල තියෙන්නෙ විශේෂයෙන්ම chat එකට පහසු වෙන්න .
උදාහණයක් විදියට ලගම තියන pizza hut එක කොහෙද කියල search කලාම search result එකට එන්නෙ කෙලිම්ම ලගම තියන pizza hut location එක.පහල ඇනිමේෂන් එකෙන් මම කියන දේ ඔයාට පැහැදිලි වෙයි.
අනික තමා ඔයාට ඒක කෙලිම්ම chat කරන එක්කෙනා එක්කල share කරන්න පුලුවන් . ඇනිමේෂන් එක බලන්නකො idea එකක් එයි . (click on "Details" )







gboardsearch



2. Quickly delete multiple words ( තෝරාගත් වචන කීපයක් එකවර මැකීම )


මේක තවත් වටින පහසුකමක්.සාමාන්‍යෙන් අපිට වාක්‍යක් delete කරන්න වුනාම හෙන වදයක් නෙහ් තියෙන්නෙ . එක දිගට ඔබන් හිටියොත් වැඩිපුර delete වෙන්නත් පුලුවන්.අකුරෙන් අකුර delete කරන්න ගියාම වරුවක් යනව නෙහ් .
ඒත් මේ පහසුකම හරහා තමන්ට අවෂ්‍ය වචන ටික පට ගාල සිලෙක්ට් (select) කරන් ගිහින් delete කරන්න පුලුවන් .

ඒක කරන්න්නෙ මෙහෙමයි . Delete කරන බට්න් එක ප්‍රෙස් කරල එහෙම්මම swipe කරන්න වමට.එතකොට වචනෙන් වචනෙ සිලෙක්ට් වෙන්න ගන්නව. ඔයාට ඕන තැනට ආවම අත ඇරියම ටක් ගාල delete වෙනව.වැඩිලුර සෙලෙක්ට් වුනොත් අත ගන්නැතුවම ආයෙ පස්සට යන්න ටිකක් ( දකුනට) ඔයත් try කරලම බලන්න අනිව ටක් ගාල අල්ල ගත්තැකි .

3. Search for Emojis and GIFs ( අවශ්‍ය Emoji සහ gif සර්ච් කර සොයා ගැනීම )


මේක කරන්නෙ මෙහෙමයි.පහල තියන emoji බට්න් එක එබුවම එනව search emoji කියල උඩින් සර්ච් බාර් එකක්.එතන අපිට අවෂ්‍ය මොන ජාතියෙ emojiද කියල search කලාම ඒකට අදාල emoji ඔක්කොම පෙන්නනව .
උදාහරනයක් විදියට අපි happy කියල ගැහුවොත් ඊට අදාල emoji ඔක්කොම පෙන්නනව. Water කියල ගැහුවොත් වතුර ඇතුලත් emoji පෙන්වනව. අදහසක් එන්න ඇති නෙහ් දැන්.
(Screenshot එක බලන්න )

Gif images ත් අන්තර්ගත කරල තියෙන්නෙ ,gif සපෝට් කරන තැන් වලට ඒවත් use කරන්න පුලුවන්.

Screenshot_2017-01-12-09-42-10_wm


4. Multilingual typing (භාෂා අතර වේගයෙන් මාරු කිරීම )


භාෂා කිහිපයක් අතර මාරු වෙමින් type කරන්න පුලුවන් language වෙනස් නොකර. ඒක ඉතින් පුලුවන් එක සමාන භාෂා type කරද්දි තමා . ඒ කිව්වෙ english වලින් type කර කර ඉදල ,ඉංග්‍රීසි අකුරුම පාවිච්චි වෙන භාෂාවක ඒව type කරන්න ගත්තම ඉබේ suggeations මාරු වෙනව.

ඉංග්‍රීසි -සිංහල වගේ එහෙම බෑ ඉතින් ,යට තියන ලෝක ගෝලය වගේ බට්න් එක ඔබල ටක් ගාල ස්විච් කරන්න පුලුවන්. ඒක නම් කලිනුත් තිබ්බ feature එකක්ද කොහෙද
( screenshot එක බලන්න )

Screenshot_2017-01-12-11-58-55_wm

(ආදරය දුකක් කියා suggest කර ඇත්තේ ගූගල්ලාය.අපි නම් දන්නැ ඔව්ව ගැන ☺)


5. Use One Hand Mode (තනි අතින් ටයිප් කිරීම )


අපේ කට්ටිය අලි තඩි ෆෝන් නෙහ් දැන් පාවිච්චි කරන්නෙ ඉතින් තනි අතින් type කරන්න පහසු වෙන්න තමා මේක තියෙන්නෙ . ටක් ගාල සාමාන්‍ය විදියයි ,one hand මොඩ් අතරෙයි ස්විච් කරන්නත් පුලුවන්
( screenshot එක බලන්න )

Screenshot_2017-01-12-09-03-09_wm


6. Capitalize words easily ( ලේසියෙන් තනි අකුරක් කැපිටල් ගැසීම)


මෙව්ව නම් හෙන වටින වැඩ . අපි pc එකේ shift අල්ලන් අකුරක් එබුවම කැපිටල් (caps) වදිනව නේද .
දැන් G Board කීබෝර්ඩ් එකෙත් පුලුවන් ඒ වගේ පට්ට ලේසියෙන් caps ගහන්න.
Shift එක ටච් කරන් එහෙම්ම අපිට ඕන අකුර උඩට සවයිප් (swipe) කරන්න තියෙන්නෙ. එතකොට ඒ අකුර විතරක් කැපිටල් වදිනව. පට්ට නේද.
( screenshot එක බලන්න )

Screenshot_2017-01-12-09-41-01_wm


7. Quickly enter symbols ( symbols වේගයෙන් තේරීම)


" ?123 " බට්න් එක ඔබන් උඩ විදියටම ඕනි symbol එකක් type කරන්න පුලුවන් දැන් . අපිට ඕන එක type වුන ගමන් ඉබේම ටක් ගාල ආයෙ අකුරු තියන මුහුනතටම ආයෙ එනව. පට්ට පහසුවක් ඒකත්
( screenshot එක බලන්න )

Screenshot_2017-01-12-09-41-18_wm


8.Spacebar as a Trackpad (ස්පේස් බාර් එකෙන් crusor එක එහා මෙහා ගැනීම )


මේකත් ගොඩක්ම වටින feature එකක්

ස්පේස් බාර් එකෙන් cursor එක එහා මෙහා කරන්න පුලුවන් මේ පහසුකම හරහා.
දන්නව නෙහ් මොනා හරි වැරදියට type කරපු අකුරක් එහෙම පස්සෙ delete කරන්න වුනාම තියම වදය . එක්කො අකුරක් එහයින් touch වෙලා නැත්තම් මෙහයින් touch වෙලා . ඒත් දැන් GBoard එකෙන් ඒ කරදරය මග හරව ගන්න පුලුවන්. Space bar එක උඩ ස්වයිප් ( swipe ) කරාම එහා මෙහා ලේසියෙන්ම crusor එක අරන් යතෑකි.

මේවට අමතරව තව පහසුකම් එකතු කරල තියනව Glide Typing , numbers row වගේ . ඒව වෙනත් keyboard වලින් ඔයා අත් විදල ඇති නේද. ඒ නිසා ඒ ගැන විස්තර කියන්න යනනෑ හරිය.

.

D O W N L O A D S :


Downlaod from Play Store


මොනා හරි අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාල අහන්න .

අපේ FaceBook page එකට ලයික් එකක් දාල, share පාරකුත් දාගෙනම යන්ඩෝ. ජය !


like ani last

1 comment:

@templatesyard