Temple Run වගේ ඊටත් වඩා සුපිරි ගේම්ස් ( RUNNING GAMES LIKE TEMPLE RUN ) - ANDROIDOSL

Search this site

Temple Run වගේ ඊටත් වඩා සුපිරි ගේම්ස් ( RUNNING GAMES LIKE TEMPLE RUN )

PicsArt_09-08-07.05.39
.
ගොඩක් අය temple run ගහල තියනව නෙහ් . ඒ වගේ  ඊටත් වඩා ආතල් දුවන game set එකක් මේ. මේ ගොඩක් ඒවා මන් ගහල තියනවා.ඔක්කොම වගෙ සුපිරි .

ඒ වගේම play store එකේ හොඳ ratings තියනව මේ හැම game එකකටම.මෙතන තියන ගොඩක් ඒව top developersලා හදපු ගේම්ස්. ( අර නිල් පාටින් මාර්ක් එකක් වැටිල තියෙන්නේ සමහර games,apps වල.)

ගොඩක් ඒවට ලස්සන කතාවකුත් තියනව.කම්මැලි හිතෙන්නෑ මේ එකක්වත් ආතල් එකේ ගැහුවැකි.මම පෝස්ට් එකත් ලිව්ව බර වචන දාල එපා කරවන්නැතුව (boring ) වැඩිපුර ගේම් එක ඇතුලෙ තියන කතන්දරේට අවදානය යොමු කරල

දීල තියන mod game link ගැන වදනක්,මෙතන click කරන්න




1) MAZE RUNNER
maze runner


මේකට මම පුද්ගලිකව ගොඩක් කැමති ඒ නිසයි මුලටම දාන්න හිතුනේ.මේ game එක maze runner චිත්‍රපටයට සමගාමීව නිපදවන  ලද game එකක්.මම ඒ film එකට ආස එකට අමතරව මේ ගේම් එකක අනික් දුවන game  වගේ නෙවේ  mission වශයෙන් ගහන්න තියෙන්නේ.maze එකෙන් ( වංකගිරියෙන් ) පැන ගැනීමට අවශ්‍ය සිතියම හදන්න වෙනව අපිට .ඒකට සිතියම් කෑලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න වෙනවා.ඒ කාර්‍ය චිත්‍රපටයේ තිබුන වගේ මර උගුල් වලින් බේරෙමින් සිදු කල යුතුයි.ඒ වගේම gate එක වැහෙන්න  කලින් නිිශ්චිත වෙලාවක් ඇතුලත නැවත වංකගිරියෙ අපි  යා ගන්නත් ඕන නැත්තම් film එකේ වගේ ඇතුලෙ ඉන්න සත්තුන්ට අහු වෙනව.

Play store download-click here



2) MAZE RUNNER 2


maze runner 2

උඩ ගේම් එකේම දෙවන එක තමා මේ.ඒ වගේම සුපිරි වැඩකෑලි වලින් සමන්විතයි.මේ game එකත් maze runner 2 චිත්‍රපටයට සමගාමීව නිපදවල තියෙන්නේ

චිත්‍රපටයේ තිබුනා වගේම කාන්තාර හරහා යමින් ,පරන ගරා වැටුන ගොඩනැගිලි තුලින් බැමි උඩින් පනිමින් පරන වාහන උඩින් යමින් විවිධ බාදක මැඩගෙන දුවමින්  ක්‍රීඩා කරන්න තියෙන්නේ.

Play store download -click here



3 ) LARA CROFT RELIC RUN


lara croft

සතුරු ආක්ක්‍රමන බලපෑමකට ලොවම යටත්ව  ඇති විටක lara croft හට තමා සත්‍ය සොයා ගැනීමේ අභියෝගය පැවරෙනේ.මෙම game එකේදි විවිධ relic සොයා ගනිමින් ලොවට සත්‍ය හෙලි කිරීම ඔයාට බාර වෙනව.ගොඩක් ලස්සන පරිසර වල විවිධ adventure වලින් ගේම් එක පිරිල තියෙනවා.මෙකෙ පරිසර පද්ධති 3ක් තියෙනව ක්‍රීඩා කරන්න.ඒ වගේම විවිද ආයුද හා outfit භාවිත කිරීමට upgrade කිරීමට අවස්ථාව ලැබේ.t - rex ඩයිනසෝරයා ආදී දරුනු සතුරන් සමග boss fight කිරීමටද මෙම ගේම් එකෙන් අවස්ථාව සැලසේ.එමෙන්ම විශේෂ රථ වාහන ,මෝටර් සයිකල්ද භාවිත කරන්න ඔබට අවස්තාව ලැබේ.

play store download link- click here



4 ) DESPICABLE ME


minnion rush

despicable me 1 හා 2 චිත්‍රපට පාදකකරගෙන තමා මේ ගේම් එක නිපදවල තියෙන්නේ.ඔන්න 2017 despicable me 3 චිත්‍රපටයත් එනවලු.හරි ,මේක endless running platform game එකක්.මෙමෙ game එකේ චිත්‍රපට වල තිබූ විවිධ පරිසර හමු වෙනවා ක්‍රීඩා කරද්දි.ඒ වගේම සැගවුනු ප්‍රදේශ සොයා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.mega minnion,unicorn,guru's rocket වගේ ඒවත් පාවිච්චි කරන්න chance හම්බෙනවා.ඒ වගේම චිත්‍රපට වල හමු වුන සතුරන් වන Vector,El macho , Villaintriloquist ආදී අයගෙන් බෙරෙන්න වෙනවා.තව hilarious weapons එහෙම  පාවිච්චි කරන්නත් අවස්ථාව හම්බෙනවා . Graphics එහෙම නම් ඉතා හොද මට්ටමක තියන බව ඔයා කොහොමත් දන්නව නෙහ්.

Play store download link-click here



5 ) VECTOR


vector 1

Arcade-style running game එකක් මේක.මේකෙ mission විදියට ගහන්න තියෙන්නේ. කලින් games වලට වඩා වෙනස් මේක ටිකක්.මිනිස්සු දහස් ගානක් building එකක් අතුලෙ බලෙන් සේවය ලබා ගන්නව.ඒත් ඒ මිනිස්සුන්ට කිසිම හැගීමක් දැනීමක් නෑ වෙන්නේ මොකක්ද කියලවත්.පස්සේ එක්කෙනෙක් යථා තත්වයට ඇවිත් දුවන්න ගන්නව .බිල්ඩිමේ වීදුරුව කඩාගෙන එහා පැත්තේ building එකේ වහලයට පනිනවත් එක්ක තමා ක්‍රීඩාව ආරම්භ වෙන්නේ. මේකේ දුවනව පනිනව ලිස්සනවට අමතරව බොහෝ combo ද ඉගෙනගැනීමට තියනවා.පට්ට ගේම් එකක්.shadow fight 2 හදපු Nekki ලම තමා මේක හදල තියෙන්නෙ

play store Download - click here



6 ) VECTOR 2


vector 22

මේ තමා Vector ගේම් එකේ දෙවනි එක.ඒක වගේම මේකත් සුපිරියටම තියනව.අලුත් වැඩ කෑලි එහෙමත් තියනව.එලටම හදල තියනව ඉතින් nekkiලගෙ ගේම්ස් ඔක්කොම වගෙ හොද කොලිටියට හදල නෙහ් තියෙන්නෙහ්

Play store download- click here


7 ) LOONEY TUNES DASH


loony tunes dash

විදුලි පැස්බරා,Bugs bunny,ට්වීටි බර්ඩ්,සිල්වෙස්ටර්,නරියා,දඩයක්කාරය,daffy duck එහෙම සෙට් එකම ඉන්නව. දුවන්න,පනින්න,ලිස්සල යන්න වගේම පහර දෙන්නත් පුලුවන් මේකේ.farm ville හදල තියන zynga කස්ටිය තමා මේ ගේම් එක හදල තියෙන්නේ.මේක endless running නෙවෙ episode විදියට ගහන්න තියෙන්නෙ.ලස්සනට cartoon වල තියනව වගෙ video එහෙම දාල හදල තියෙනව.cartoon වල මේ සෙට් එක දාන ආස හිතෙන ඇක්ශන් එහෙමත් ගේම් එකට එකතු කරල තියනව.උදාහරනයක් කිව්වොත් bugs bunny ව අල්ල ගන්න බැරි වුනාම දඩයක්කරයට මල පනිනව ,ඊට පස්සෙ bugs bunny පොඩි කින්ඩියක් දාල ගුලට පනිනව. එතකොට daffy duck අපේ ඉස්සරහින් හිටි ගමන් කඩා පාත් වෙලා පාරෙ තියන gold එහෙම හොරකම් කරනව. එතකොට දෙතෑකි පාරක් උට ... මම පොඩ්ඩයි ආතල් සීන් කිව්වෙ තව ඕන තරම් තියෙ ගහලම බලන්නකො

Play store download-click here



8 )  SUBWAY SURFERS


subway surfers

මේක නම් ගොඩක් ජනප්‍රිය හින්ද ලොකු විස්තරයක් දන්නෑ.Endless running platform ගේම් එකක් විදියට තමා සැලකෙන්නේ.මූනටම කෝච්චි එනව අපේ පස්සෙන් පොලිස් කාරයෙකුත් පන්නනව .කෝච්චි වල හැප්පෙන්නැතුව බේරිලා දුවන්න තියෙන්නේ.ගොඩක් වැඩකෑලි තියනව surf board එකේ යන්න, jet pack එකෙන් උඩින් යන්න වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්.

Play store download-click here



9 ) BUS RUSH


bush rush

Subway surfers එකට ගොඩක්ම සමානයි.මේකේ ඉන්න ඩයල් එක ගෝරිල්ලෙක්ට කින්ඩි දන්න ගිහින් ඌ කූඩුව කඩන් පස්සෙන් පන්නනව.ඉස්සරහින් bus එනව හෝ ගාල.බේරිල යන්න තියෙන්නේ.Subway surface එකේ වගේම එක එක ගැජට් එහෙම ගොඩක් මේකෙත් තියනවා.

Play store download-click here



10 ) ANGRY GRAND RUN


angry gran 2

මේ ගේම් එකේ නම් අනික් ගේම් වල වගේ මහා Graphics නැතත් පුද්ගලිකව මේකටත් ආසයි මම.graphics ලොකූවට නැති හින්ද ලැග් වෙන්නැතුව පොඩි ෆෝන් වලත් ගැහුවැකි.මේකෙ තියෙන්නෙ hospital එකෙන් granma පැන ගන්නව.ඊට පස්සෙ අපිට දුවන්න තියෙන්නේ විවිද බාධක මැඩගෙන.අනික් ගේම් වලට වඩා සමහර වෙනස් දේවල් පුලුවන් මේකේ.අපේ ඉස්සරහට හතුරො එනව.උන්ට පයින් ගහනව ගානට ලගට ගියාම විසි වෙන්න.එතකොටත් coins හම්බෙනව .තව ඩයිනෝසර් කෙනෙකුත් හම්බෙනව මේකෙ.

Play store download-click here



11 ) AGENT DASH
agent dash


GameLoft සමාගමෙන් තමා නිපදවල තියෙන්නේ.ඉතින් graphics එහෙම ඉතා හොද තත්වයක තියනවා.මේ ගේම් එකට නවීන පන්නයේ උගුල් එහෙම භාවිතා කරලත් තියනව.ලේසර් කිරන,රොබෝල එහෙමත් දැක ගන්න පුලුවන් .ඒ වගේ දේවල් වලට කැමති අයට මේක හොද ගේම් එකක්.

Play store download-click here



12 ) TALKING TOM GOLD RUN


tom run

මේක හදල තියෙන්නේ talking tom cat හදපු සමාගමෙන්.මේකත් Endless running ගේම් එකක්.කතාව තමා talking tom ගෙ gold හොරකම් කරල.හොරා පස්සෙ පන්නන් ගිහින් gold ආයෙ අරගෙන තමන්ගේ සිහිනය ඉටු කර ගන්න තියෙන්නෙ.tom catට අමතරව angela,ginger අර බලු තඩිය එහෙමත් මේකෙ ඉන්නව.ගහලම බලන්න.

Play store download-click here



13 ) RAIL RUSH
rail rush


මේ ගේම් එක මන් දැක්කේ වින්ඩෝස් ෆෝන්  එකක.එල වැඩ  ටිකක් මේකෙත් තියනව .වෙනස තියෙන්නේ අපිට මේකෙ දුවන්න නෑ.ඩක්කුවක යන්න තියෙන්නේ රේල් පාර දිගේ.හිතන  තරම් ලේසි නෑ ඒත් හොල්මන් ඉන්නව,සොම්බි යක්කු ඉන්නව උමං අස්සෙන් යන්න තියනව.එලට Addict වෙන ගේමක්.

Play store download-click here



14) TEMPLE RUN 2


temple run 2

මෙක ගැන නම් ඔයාල හොදට දන්නව නෙහ් මන් මුකුත්  කියන්න යන්නෑ.Temple run දෙවනි ගේම් එක මේ.හරි නෑ නෙහ් නොදා හිටියොත්.

Play store download-click here



15 ) JET PACK JOYRIDE


Screenshot_2016-09-05-19-34-15

Jetpack joyride එකත් පට්ට ඉතින්. මේක අන්තිම වුනේ අනික්වා වගේ  දුවන ගේම් එකක් නෙවෙ jetpack එකක නැගල යන්න තියන නිසා සහ හරහට යන්න තියන නිසා.ඒ කිව්වේ 2d වගේ.වෙන අවුලක් නෑ මේකත්  සුප්පම ගේමක්.

Play store download-click here

post එක හොඳ නම් යාලුවන්ටත් දැන ගන්න share කරන්න


අපේ Facebook page එක -facebook.com/androidosl/



TOP⬆ (මුලට යන්න මෙතන ක්ලික් කරන්න)

5 comments:

  1. Niyami.. Clash of clans mod app ekak nadda. troops la okkomagen sellan karala balanna tibanm athi..

    ReplyDelete
  2. Coc Mod apps පෝස්ට් එකක් දාන්න හදල නිකා හිටිය සහෝ , ගොඩක් වෙලාවට connection errors එනව .

    ReplyDelete
  3. ow sahoo math godk ewaa try kala trya server error. Thank you sahooo digatama karanna ape full sup eka dennam.

    ReplyDelete
  4. Digatama sup eka denna saho. Thank you too.

    ReplyDelete
  5. The Lucky Eagle Casino Hotel in Eagle Pass - Mapyro
    Discover the location of The Lucky Eagle Casino Hotel, 1 mile west 경상남도 출장샵 of Eagle 세종특별자치 출장마사지 Pass. and the Lucky Eagle, Eagle Pass 경상남도 출장마사지 Casino has been in 제주도 출장샵 the 광주 출장안마 region since

    ReplyDelete

@templatesyard