ඕන සිංදුවක් ඉහල quality එකකින් download කරමු . . . [ How to download high quality songs ] . . . - ANDROIDOSL

Search this site

ඕන සිංදුවක් ඉහල quality එකකින් download කරමු . . . [ How to download high quality songs ] . . .

Pics_Art_10-31-03.55.22

මෙහෙමයි සීන් එක. අපි නෙට් එකෙන් මොකක් හරි සින්දුවක් බාද්දි ගොඩක් අය බලන්න පුරුදු වෙලා නෑ ඒ සින්දුවේ quality එක. ගොඩක් වෙලාවට 5mb වලට අඩු නම් quality එක 128KBPS හෝ ඊට අඩු bitrate අගයක්. 320KBPS 8mb වලට උඩ යන්නේ.

Poweramp එකෙන් අහද්දි නම් වැටෙනවා සින්දුවේ KBPS ගාන සහ KHZ ප්‍රමානය. Huawei player එකෙත් hq කියල වැටෙනව ඉහල ගුනාත්මකභාවයක් තියන සින්දු වල. 256KBPS සුත් හොදයි. 64, 96 , 128 නම් වැඩක් නෑ CD quality එක එන්න නම් 256 / 320 වගේ එකකට යන්න වෙන්වා.

 හරි මම නිකන් පොඩි විස්තරයක් දුන්නේ bitrate විවිධ අගයන්ගේ quality එක ගැන.ඒත් මම කියන්න ආවේ වෙන වැඩක් නෙහ්.

සිංහල දෙමල English හෝ වෙනත් ඕනෑම භාෂාවක සින්දුවක් 320KBPS quality එකෙන් බාන විදිය.මේක ගොඩක් වෙලාවට හරි යනවා.ගොඩාක් හොයා ගන්න අමාරු සින්දුවක් වුනත් මේ site එකෙන් ගන්න පුලුවන්.

කරන්න තියෙන්නේ පොඩි වැඩයි.පහල දීල තියන site එකට ගිහින් ඔයාට ඕන සින්දුව search bar එකේ ගහන්න.spelling හරියට ගැහුව නම් චුට්ටක් ගහද්දි පට ගාල suggestions එයි.ඒවගෙන් official song වගේ තියන suggestion එකක් උඩ ක්ලික් කරන්න.

එතකොට ඔයාට බාන්න පුලුවන් සින්දුලිස්ට් එකක්ම වැටෙයි ඒවගෙන් 320KBPS bitrate එක තියන සින්දුවක් තෝරල download දෙන්න. (Download කරන විදිය gif එකක් විදියට පහල දැම්ම බලන්න ඕන නම් )

Site link :

click me



 එහෙනම් මීට වඩා සුපිරි ක්‍රම තියනවා නම් දැන් තමා වෙලාව වැඩපෙන්වන්න & අනික් අයට කියා දෙන්න.  ඇත්තටම මේ site එක ලොකු database එකක් තියන මහාපරිමාන site එකක් නෙවෙයි.YouTube එකෙන් සින්දුව convert කරලා දෙනවා .ඒකයි ඕන සිංදුවක් හොයා ගන්න පුලුවන්.

තව දෙයක් තියෙ මෙහෙම convert කරාම 320KBPS වලට වඩා quality එක ටිකක් අඩුවෙන් එන්නේ.ඒත් සාමාන්යෙන් site එකකින් බානවට වඩා නම් ඉහල quality එකක් තියෙ ඇහුවම තේරෙයි ඒක.නැත්නම් findflac වගේ site එකක් use කරන්න පුලුවන් .ඒ විස්තර එකතු කලෙ රසාංජන සහෝ තමා.එහෙනම්  ජය !

  ♥ LIKE COMMENT SHARE ,  FACEBOOK ♥ - facebook.com/androidosl

No comments:

@templatesyard