උපසිරැසි වල timing අවුල් ගොඩ දාමු . . . [ How to fix subtitle timing issues ] . . . - ANDROIDOSL

Search this site

උපසිරැසි වල timing අවුල් ගොඩ දාමු . . . [ How to fix subtitle timing issues ] . . .

Pics_Art_10-10-08.52.09
ගොඩක් අයට තියන ප්‍රෂ්නයක් තමා subtitles වල time එහෙ මෙහෙ වෙලා තියන එක. ඒ කියන්නේ බලන චිත්‍රපටයේ හෝ ටීවී සීරීස් එකේ නියමිත මොහොතට කලින් හෝ පසුව සබ්ටයිටල් ප්ලේ වෙන එක.ඉතින් මේ ලිපියෙන් කියල දෙන්නේ ඒ ප්‍රෂ්නය පහසුවෙන් ගොඩ දාන විදිය.

1) ක්‍රමය 

මේක තමා සරලම ක්‍රමය.මහ දෙයක් නෙවෙයි.මම mx player එක තමා වැඩේට පාවිච්චි කරන්නේ.ඒත් වෙන ප්ලේයර් වලත් මේ වැඩේ කරන්න පුලුවන් ඇති.

1) ඔයා අදාල ෆිල්ම් එක බලන ගමන් ස්ක්‍රීන් එක ටච් කලාම දකුනු පැත්තේ උඩ කෙලවරේ ඩොට් තුනක් වැටෙයි.ඒක ක්ලික් කරන්න.

2) ඒකෙන් subtitles ක්ලික් කරන්න.

3) synchronization ක්ලික් කරන්න .

4) එතකොට ධන සෘන තියන පොඩි කොටුවක් වැටෙනව ස්ක්‍රීන් එකේ. ඒකෙ සෘන ක්ලික් කරද්දි ඉස්සරහට තියන පේලිත් , ධන ක්ලික් කරද්දි පහුවුන පේලෙත් පෙන්වනවා. ඔයාට තියෙන්නේ ඒ මොහොතට අදාල පේලිය ගානට අරගන්න. එතකොට වැඩේ හරි.

ඒත් සමහර වෙලාවට මේ වැඩේ සාර්ථක නෑ . මොකද ටිකකින් ආයෙ එහා මෙහා වෙලා උපසිරැසිය play වෙන්නෙ.ඉතින් එහෙම ලයින් එකක් නම් දෙවනි ක්‍රමය try කරල බලන්න.


2) ක්‍රමය

මේකට මුලින්ම ඇප් එකක් දා ගන්න ඕන.easy subtitles කියන ඇප් එක .ප්ලේ ස්ටෝර් එකෙන්ම දා ගත්තත් කමක් නෑ ,නැත්තම් pro එකේ ලින්ක් එක පහල දීල තියෙ.කැමති එකක් දා ගන්න.

1) මුලින් අදාල ෆිල්ම් එක mx player එකෙන් ප්ලේ කරල ෆිල්ම් එකේ  පලවෙනිම දෙබස ආරම්භ වෙන time එකයි, අවසානම දෙබස ආරම්භ වෙන time එකයි හරියට බලා ගන්න.(අමතක වෙනව නම් නෝට් එකක් දා ගන්න.)
  Pics_Art_10-09-09.20.18Pics_Art_10-09-09.16.29
2) ඊලග වැඩේ ඇප් එක ඕපන් කරල ඔයාගෙ අවුල් තියන සබ්ටයිටල් file එක තෝරන්න.

3) දැන් ෆිල්ම් එකේ පලවෙනිම දෙබසට අදාල උපසිරැසි පේලිය හොයා ගන්න.ඊට උඩින් මොනව හරි උපසිරැසි පේලි තියෙ නම් ඒ ඔක්කොම delete කරන්න ( delete කරන්න ඕන ඒව උඩ ක්ලික් කරන් ඉදල delete දෙන්න. )

4) ඊලගට ෆිල්ම් එකේ අවසාන දෙබසට අදාල උපසිරැසි පේලිය හොයා ගන්න. (ඊට පස්සේ ප්ලේ වෙන වෙනත් උපසිරැසි පේලි තියෙ නම් ඒව ඔක්කොමත් delete කරන්න )

5) ඊලගට දකුනු පැත්තෙ ඉරි තුන උඩ ක්ලික් කරල smart sync තොරන්න.

6) දැන් ඔයා එතන තියන වෙලාවල් වෙනුවට කලින් බලා ගත්ත වෙලාවන් දෙක දෙන්න.
(උඩ පේලියේ පලමු උපසිරැසි පේලිය යන වෙලාව , දෙවනි පේලියෙ අවසාන පේලිය යන වෙලාව)
{පැය : මිනිත්තු : තත්පර : මිලිතත්පර }

 ඔයාට මිලි තත්පර නම් බලන්න විදියක් නෑ mx player එකේ. ඒක ඔයාට හිතෙන ආසන්න අගයක් දෙන්න

Pics_Art_10-09-09.25.20

7) ඊට පස්සේ සේව් කරන අයිකන් එක ඔබන්න. (උඩ කලු පාට ෆ්ලොපි ඩිස්ක් එක )

8) දැන් ආයෙ ලෝඩ් කරල බලන්න mx player එකෙන් සබ් එක වැඩේ හරි ගිහින්ද කියල ? 

🔈 මේව තමා ෆෝන් එකකින් සබ් timing අවුල් හදන්න තියන ලේසිම ක්‍රම. කොම් එකෙන් නම් තව ක්‍රම තියෙනවා point to point sync,visual sync වගේ. ඒවගෙනුත් වඩා නිවරිදිව සබ් වල ටයිමිං අවුල් ගොඩ දාන්න පුලුවන්.

DOWNLOADS :


Download Subtitle editing app link -


click me

මොනා හරි අවුලක් වුනොත් අහන්න.….ජය !


Like☑  Comment☑  Share☑  FACEBOOK.COM/ANDROIDOSL

No comments:

@templatesyard