ANDROIDOSL: HOW TO

Search this site

Showing posts with label HOW TO. Show all posts
Showing posts with label HOW TO. Show all posts
ඕන සිංදුවක් ඉහල quality එකකින් download කරමු . . . [ How to download high quality songs ] . . .
Pics_Art_10-31-03.55.22

මෙහෙමයි සීන් එක. අපි නෙට් එකෙන් මොකක් හරි සින්දුවක් බාද්දි ගොඩක් අය බලන්න පුරුදු වෙලා නෑ ඒ සින්දුවේ quality එක. ගොඩක් වෙලාවට 5mb වලට අඩු නම් quality එක 128KBPS හෝ ඊට අඩු bitrate අගයක්. 320KBPS 8mb වලට උඩ යන්නේ.

Poweramp එකෙන් අහද්දි නම් වැටෙනවා සින්දුවේ KBPS ගාන සහ KHZ ප්‍රමානය. Huawei player එකෙත් hq කියල වැටෙනව ඉහල ගුනාත්මකභාවයක් තියන සින්දු වල. 256KBPS සුත් හොදයි. 64, 96 , 128 නම් වැඩක් නෑ CD quality එක එන්න නම් 256 / 320 වගේ එකකට යන්න වෙන්වා.

 හරි මම නිකන් පොඩි විස්තරයක් දුන්නේ bitrate විවිධ අගයන්ගේ quality එක ගැන.ඒත් මම කියන්න ආවේ වෙන වැඩක් නෙහ්.

සිංහල දෙමල English හෝ වෙනත් ඕනෑම භාෂාවක සින්දුවක් 320KBPS quality එකෙන් බාන විදිය.මේක ගොඩක් වෙලාවට හරි යනවා.ගොඩාක් හොයා ගන්න අමාරු සින්දුවක් වුනත් මේ site එකෙන් ගන්න පුලුවන්.

කරන්න තියෙන්නේ පොඩි වැඩයි.පහල දීල තියන site එකට ගිහින් ඔයාට ඕන සින්දුව search bar එකේ ගහන්න.spelling හරියට ගැහුව නම් චුට්ටක් ගහද්දි පට ගාල suggestions එයි.ඒවගෙන් official song වගේ තියන suggestion එකක් උඩ ක්ලික් කරන්න.

එතකොට ඔයාට බාන්න පුලුවන් සින්දුලිස්ට් එකක්ම වැටෙයි ඒවගෙන් 320KBPS bitrate එක තියන සින්දුවක් තෝරල download දෙන්න. (Download කරන විදිය gif එකක් විදියට පහල දැම්ම බලන්න ඕන නම් )

Site link :

click me



 එහෙනම් මීට වඩා සුපිරි ක්‍රම තියනවා නම් දැන් තමා වෙලාව වැඩපෙන්වන්න & අනික් අයට කියා දෙන්න.  ඇත්තටම මේ site එක ලොකු database එකක් තියන මහාපරිමාන site එකක් නෙවෙයි.YouTube එකෙන් සින්දුව convert කරලා දෙනවා .ඒකයි ඕන සිංදුවක් හොයා ගන්න පුලුවන්.

තව දෙයක් තියෙ මෙහෙම convert කරාම 320KBPS වලට වඩා quality එක ටිකක් අඩුවෙන් එන්නේ.ඒත් සාමාන්යෙන් site එකකින් බානවට වඩා නම් ඉහල quality එකක් තියෙ ඇහුවම තේරෙයි ඒක.නැත්නම් findflac වගේ site එකක් use කරන්න පුලුවන් .ඒ විස්තර එකතු කලෙ රසාංජන සහෝ තමා.එහෙනම්  ජය !

  ♥ LIKE COMMENT SHARE ,  FACEBOOK ♥ - facebook.com/androidosl
Android එකක්ද Apple එකක්ද ගන්නෙ ? . . . [ Android or Apple , Which one should I buy ? ] . . .
Pics_Art_08-02-07.08.10 මේක හැමතැනම දකින කරුණු ටික යොදාගෙන ලියන්නැතුව කවුරුත් අවදානය යොමු නොකරන පැති අහු වෙන්න ලියන්න හදන්නෙ. මුලින්ම කියන්න ඕන වැරදි තියෙන්න පුලුවන්.ඒව කමෙන්ට් කරන්න හැමෝටම දැන ගන්න. මම ලිපියට 2017 ට අදාල වෙන්න අලුත්ම කරුණු කාරණා පාවිච්චි කරන්න උත්සාහ අරන් තියෙන්නෙ.ios 11 beta realese කරල තියන නිසා ඒකත් , android nought ත් තමා os compare කෙරෙන්නෙ. Apple සමාගමෙන් midrange හෝ low end devices ගහන්නේ නැති නිසා android වලත් compare කරන්න ගැලපෙන ෆෝන් තමා ගන්නෙ. හරි එහෙනම්. මුලින්ම සාමාන්‍යෙන් බලන දේවල් ගැන කියන්නම් ඒව අත ඇරියොත් අඩුවක් වෙන නිසා .

1) Performance

16-12-18-maxresdefault අලුතෙන් එන Android flagship devices වගේම 3Gb ram එකක් එක්කල එන ගොඩක් මිඩ්රේන්ජ් ෆෝන් වලත් performace දැන් ගොඩක් හොද තත්වයේ තියනවා.ඒ හින්දා ලැග් වෙනව කියල ඉස්සර වගේ බයේ ඉන්න ඕන නෑ. 2017 ආව android ෆෝන් use කරන යාලුවන්ගෙන් අහල බලන්න.

2) Storage

Pics_Art_08-02-04.22.52
Ios ගොඩක් smooth ,performance තිබ්බට අනික් අතට ලොකු ප්‍රෂ්න ටිකක් මතු වෙනව.ios වලට එන ඇප් android වලට සාපේක්ෂව හෙන දොන්ත පතන්.ඒ මදිවට chip එකක් ගහන්නත් බෑ. ඒ නිසා ඔයා හෙන ගානක් වියදම් කරල 32GB එකක් ගත්තත් වැඩක් නෑ.අඩුම 128GB යන්න වෙනව.සල්ලි ගස් වල හැදෙනව නම් බැරියැ. ඒත් andrioid අලුත් ෆෝන් වල performance එහෙමත් හොදයි. ඒ වගේම  32gb වගේ එන midrange phone ඒකකුත් හොදටම ඇති සාමාන්‍ය පාවිච්චියට . ඕන්නම් චිප් එකකුත් ගහ ගන්න පුලුවන් මදි වුනොත්. චිප් එකකට යන ගාන විතරයි වැඩිපුර යන්නෙ.

3) Camera

16-35-25-iPhone_7_plus_vs_GALAXY_S8_2
දැන් එන android mid range ඒවගෙ පවා ගොඩක් options එක්ක හොද තත්වයේ කැමරා එනව. Dual camera පවා එනවා . ඒ නිසා ඇපල් කැමරා විතරයි ඉදිරියෙන් ඉන්නෙ කියන්න බෑ. අනික HTC U11 , Samsung S8 , Google pixel වගේ ෆෝන් වල ඉතාම හොද තත්වයේ කැම් එනව දැන්. ඒව iphone 7 cam එකට වඩා ඒව ඉදිරියෙන් තියෙනව කිව්වත් වැරදි නෑ.

4) Security

16-45-24-maxresdefault
apple වල security එක ගොඩක් ජනප්‍රියයි.ඒත් දැන් එන ඇන්ඬ්‍රොයිඩ් ෆෝන් වලත් ඉතා හොද security එකක් තියනව. Sony වල එහම අලුත් ෆෝන් වල reset කලාට හොරෙන් access කරන්න බැරි වෙන්න bootloader එකට සම්බන්ද කරල ඉහල ගනයේ ආරක්ෂාවක් දෙනව. අනික play store එකෙන් විතරක් apps එහෙම install කරනව නම් වෙන වෛරස් එහෙම එන්න තියන ඉඩ ගොඩක් අඩුයි.

6) So innovative

Pics_Art_08-02-04.53.58
මෙහෙම කිව්වට ios 11 එක්ක හදුන්වා දෙන features දැක්කම වහ කන්න හිතෙනව.ඔව්ව හෙන කාලෙකට කලින් android phone වලට ආවෙ.

 # files

Files කියල සීමිත පහසුකම් සහිත file manager එකක්. compressed files ,decompress කරන්න එහෙම බෑ. නිකන් බලන්න පුලුවන්. Multi select ,Hide වගේ දේවලුත් music videos apps කියල android වල වගේ වෙන් කරලත් නෑ.ගොඩක්ම සීමිත පහසුකම් ටිකක් තමා සපයල තියෙන්නෙ . System එකේ files එහෙම මොකුත් බලන්න බෑ android වල වගේ.ඒගොල්ලො දීල තියන folder කිහිපයක් විතරයි තියෙන්නෙ.

#one hand mod keyboard

Android වල keyboard එකට one hand mod දීල සෑහෙන කල් වෙනව.

 #Type Comands

Siri ට voice command වගේම type කරන්නත් පුලුවන්. සිරාවට ? ඒ කියන්නෙ මෙච්චර කල් type කරන්න බැරුව තිබිල තියෙන්නෙ.

#Language translate

අනේ මන්ද බන් මෙව්ව දකිද්දි දුකත් හිතෙනව . හා නැද්ද. කොයි කාලෙ.ආපු දේවල්ද android වලට.

#auto answering

මෙව්ව ics දුවපු ෆෝන් වලටත් ආවද කොහෙද ?

#multi window

tab වලට විතරක් ඒ දීල තියෙන්නෙත්.විලි සැජ්ජාවෙ බෑ.😂

7) Features

# Customize

Jailbrakeke නොකර store එකට පිටින් ඇප්ස් install කරන්න බෑ. වාත ඉතින් සල්ලි ගොඩක් තියෙ නම් ඔන්න කමක් නෑ.ඇයි දැන් ගොඩක් ඇප් එක්කො සල්ලි දීල ගන්න ඕන,නැත්තම් in app purchase කරන්න ඕන ඇප් එක ඇතුලින්. මොඩ් කරපු ගේම් එකක් ,paid apps පිටින් එහෙම දා ගන්න බෑ . Pics_Art_08-02-03.36.23

Customize කරන්න පුලුවන් ඉතාම ස්වල්ප විදියට.wallpaper එක මාරු කරනව වගේ පොඩි දේවල්.custom launcher එකක් දා ගන්න, icons මාරු කරන්න, app drawer එකක් දා ගන්න ,widgets දාන්න මොකුත් බෑ. එකම launcher එක හැමදාටම.ios 7 එකයි ios 11 එක ලග තියල බැලුවොත් එහෙම තේරෙනව තාම පරණ design එකමයි කියල.control panal එක විතරයි පැහැදිලිව වෙනස් කරල තියෙන්නෙ.ඒත් android gingerbread ➡ ics ➡ kitkat ➡ lollipop ➡ marshmellows ➡ nougat වෙද්දි පට්ටම වෙනස්කම් ගොඩක් වුනා. සෑහෙන්න features එකතු වුනා.
  PicsArt_08-02-01.35.50

Android version එකෙන් version එකට මාරු වුන කෙනෙක් දන්නව අලුත් version එද්දි කොච්චර වෙනස් වෙලා,කොච්චර features ගොඩක් එක්කද ආවෙ කියල. Steve jobs ඉන්න කාලෙ නම් ඔන්න එහෙම වුනා apple වලත් . 3gs වල ඉදන් 4s එක ආවම ඔන්න සුපිරි වෙනසක් තිබ්බ. දැන් නම් එහෙම පේන්නෙ නෑ. ගොඩක් android phone වල notification lights පවා වෙනස් කරන්න පුලුවන්.ios userලට ඒවගේ පුංචි දේවල්වත් කරන්න ඉඩක් ලබා දීල නෑ.

# Bluetooth share

Bluetooth share කරන්න බෑ අනික් apple නොවන device එක්කල.ඒක නම් shape කිව්වැකි දැන් wifi direct හරහා පුලුවන් නිසා file share කරන්න.bluetooth කතාව ඒ කාලෙ ඉදන් කියෝන එක නෙහ් කියල හිතෙයි. හාකො හාකො ඉතුරු ටිකත් බලන්නකො

# Widgets

PicsArt_08-02-03.06.06

Widgets නෑ. ඇන්ඬ්‍රොයිඩ් වල අපි ලස්සනට තියන් ඉන්න weather widget,clock widgets වගේ කිසිම widget එකක් දාන්න බෑ. Ios 11 වල control panel එකට widgets දාන්න පුලුවන් කිව්වත් ඒක android වල වගේ නෙවෙයි ගොඩක් සීමිත සීමාවක් යටතේ පහසුකම දීල තියෙන්නෙ.

# Dual Sim

Dual sim බෑ.ඔයාගාව සිම් දෙකක් තියෙ නම් කරන්න දෙයක් නෑ තව ෆොන් එකක් ගන්න වෙනව apple වලට යනව නම්.අනික මම වගේ time based package වලට dailog එකයි , නිකන් නෙට් යන්න තව සිම් එකකුයි එහෙම පාවිච්චි කරන්න බෑ . නැත්තම් ඉතින් sim ගලෝ ගලෝ දාන්න වෙනව.

 # Default Apps

 Android වල default apps අපිට තෝරන්න පුලුවන්. නැත්තම් මොකුත් තෝරන්නෙ නැතුව අපිට ඒ ඒ වෙලාවට ඕන එක තෝරගන්නත් පුලුවන්.ඒත් ios වල appleලා දෙන ඇප් ටික තමා first party apps විදියට වැඩ කරන්නෙ. හරියට මේල් එකක් ආවොත් ios mail app එක open වෙන්නෙ. Address එකක් open කලොත් apple maps වලින් open වෙන්නෙ ඔයාට Google හෝ waze වගේ එකකින් open කරන්න ඔන වුනත්. ඒත් Android වල අපිව Google apps වලටම හිර කරල නෑ එහෙම.අපේ කැමැත්තට මුල් තැන දීල තියනව.

# HDMI

HDMI සමහර android phone වල ආවත් apple HDMI වලට සපෝර්ට් නෑ .av adapter එකක් අරන් ඒක හරහා ගහන්න වෙනව ඕන නම්.

# IR Blast

මේක එනව දැන් සමහර android phones වලට.ඇපල් වල ඒක එන්නේ නෑ.පිටින් සෙට් කරන්න වෙනව ඕන නම්.

# AI

Pics_Art_08-02-04.03.22

Siriට poem එකක් කියන්න කිව්වොත් බෑ ගානව. මාව හිනස්වන්න , විහිලුවක් කියන්න කිව්වොත් ඒත් බෑ ගානව. ඔන්න video එකක link එකක් දැම්ම. ( Ios 11 වල නම් කොහොමද දන්නෙ නෑ හොයා ගන්න බැරි වුනා.) Google assistance දේවල් මතක තියා ගන්නව.උදාහරණයක් විදියට "my favourite tv series is "FOREVER" කිව්වොත් එයා මතක තියා ගන්නව . ආයෙ අපි ඇහුවොත් හරියට කියනව.මම ඇහුවොත් what's my favourite movie කියල ඇහුවම මම කලින් කියල නැත්තම් " You never told me.what's your favorite movie ?" කියල අහනව. ඒත් siriගෙන් ඇහුවම අපි කියලත් නෑ ආසම මොකේටද කියල ,එයාට හිතෙන එව්ව උත්තරය විදියට දෙනව අපෙන් අහන්නැතුව . google assistance ගෙන් ලගම shops වගේ දේවල් ඇහුවමත් google assistance ගොඩක් විස්තර දෙනව. Siri ඒත් සාමාන්‍යෙන් හොද AI එකක් විදියට පිලිගන්න වෙනව සාමාන්‍යෙන්.

# Quick Charge

17-04-40-qc3

මේක android mid range phone වලටත් එන feature එකක්.ඒත් apple වලට නෑ කියන්නෙ හෙන අඩුවක්.හදිස්සියකට පැය බාගෙන් වගේ android phone එක 50% කට කිට්ටු වෙන්න charge කරන් යන්න පුලුවන් . පට්ට වටිනව ඒක හදිසි වෙලාවක . ෆෝන් එක charge වෙනකම් නැත්තම් බලන් ඉන්න එපායැ.

# Wireless Charging

IMG_20170802_171856
Android flagship phone සමහර ඒවට එන සුපිරි feature එකක් නෙහ් මේක.Nokia සමහර ඒවගෙත් තියෙ.ඒකත් apple වල නැහැ.( වෙන වෙන ගැජට් කෑලි තියෙ ඒවත් ඉතින් phone එකේ charging port එකට ගහන්න ඕන කොහොමත් )

# Control Center

Pics_Art_08-02-05.35.11
Ios 11 වල අලුතෙන් control center එකක් දීල තියෙනව දකින්න ඇති. ඉස්සර ඉතාම අඩු පහසුකම් ටිකක් එක්ක දීල දැන් ඊට වඩා ටිකක් හොද කරල තියනව.ඒත් android phone වල quick toggles හෙන ගොඩක් දාගන්න පුලුවන් . Ios 11 වල එච්චර add කලොත් කැතයි. අනික default එන ඒවගෙන් අපිට ඕන නැති ඒව අයින් කරන්නත් බෑ.

# Call Recording

calls record කරන්නත් බෑ apple වල. Android වල නම් ඔයාගෙ ෆෝන් එකට default ආවෙ නැතත් 3rd party app එකක් හරහා මේ පහසුකම ගන්න පුලුවන්. ඒත් ios වල 3rd party app එකක් දාලවත් බෑම තමා.

# Incoming Caller Popup

Pics_Art_08-02-03.56.36
Android lollipop එක්ක ආව පට්ටම වටින feature එකක් මේක.මට ගොඩක්ම වටිනකම දැනුනෙ ඒ දවස්වල මම kitkat. ඉතින් online game එහෙම ගගහ ඉද්දි කෝල් ආවම හෙන වදේ. ඇපල් user කෙනෙක් කියල තිබ්බ ප්‍රශ්නයකුත් කියන්නම්. Map එක බලන් drive කරද්දි call ආවම full screen එකම call එක වැටෙනව.එහෙම නැතුව පොඩියට වැටෙන්න හදන්න පුලුවන්ද අහල තිබ්බ. මාර අවුල එතකොට.ඕක cut කරන්න screen එක touch කරන්නත් වෙනව නෙහ් drive කරන ගමන්.විසදුම් එක එක ඒව කියල තිබ්බත් හරි හමන් උත්තරයක් තිබ්බෙ නෑ මේකට. සමහර calls answer කරන්නත් බෑ,cut කරන්නත් බැරි අවස්ථා තියෙ නෙහ්. එතකොටත් හරිම වදේ full screen වැටෙන එක. android lollipop වලින් උඩ device එකක් තියන කෙනෙක්ට මේ කරදර නෑ.

# User accounts

Windows වල වගේ Android වලත් user accounts කීපයක් තියා ගන්න පුලුවන්.වෙන කාට හරි ෆෝන් එක දෙද්දි guest account එකට switch කරල දෙන්න පුලුවන්.මේ පහසුකම apple වල නෑ. සමහර android phone වල child mod එකක් එහෙමත් එනව.

 # Dark  Mod

 මේ option එක apple usersල හෙන කාලෙක ඉදන් ඉල්ලන්නෙ. Store එකට හැරෙන්න හරි හමන් dark mod එකක් තාම ios වලට නෑ.

 # Overpriced

මේ වගේ ගොඩක් අඩුපාඩු තිබිලත් apple හෙන ගනන්.apple වලින් දෙන සියලු පහසුකම් වගේ android phone එකකින් ඔයාට දැන් ලබා ගන්න පුලුවන් ඊට වඩා අඩු මුදලකට .

ඉතින් මම අහන්නේ මොකටද වැඩිපුර වියදම් කරන්නෙ ඒ features සාධාරණ මුදලකට ගන්න පුලුවන්කම තියෙද්දි ?

Like☑  Comment☑  Share☑  FACEBOOK.COM/ANDROIDOSL

Recovery නැතුව ඕන දෙයක් flash කරමු  [ Flash anything withoutrecovery ]
FLASHFIRE

Recovery කිව්වෙ ?


Recovery ඇත්තටම කොටස් දෙකකට බෙදන්න පුලුවන්.එකක් stock recovery .ඒක තමා ෆෝන් එකට එනකොටම තියන එක.සමහර ෆෝන් වල එහෙම එකක් නෑ . මේකෙන් කරන්න පුලුවන් වචනාර්ථ්යෙන්ම ෆෝන් එක recover කර ගන්න එක තමා.ඒ කිව්වෙ මොකක් හරි ලෙඩක් වුනොත් factory reset,wipe data වගේ දේවල් කරලා ෆෝන් එක තිබුනු තත්වයට ගන්න එක.

එතකොට අනික් recovery එක තමා custom recovery. ගොඩක් ප්‍රසිද්ධම recovery තමා CWM සහ TWRP . මෙව්ව වලින් උඩ තියන රාජකාරි වලට අමතරව සෑහෙන්න වැඩ කරන්න පුලුවන්. ෆෝන් එකට එක එක සොෆ්ට්වෙයා කෑලි flash කරන්න වගේම rom flash කරන්න ගොඩක් වෙලාවට වැදගත් වෙනව මේ custom recovery


A.R.I.S.E sound mod හෙන ගහන්න වගේ සවුන්ඩ්ස් ( Dodlby atmos,VIPER,Sony soundsඔක්කොම එකට ) ... [ A.R.I.S.E sound mod viper,dolby etc. alltogether ] ...
ARISE 2

[ මේක ටෙස්ට් කරන්න කලින් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සවුන්ඩ්ස් අඩුම කරන්න.කනට සිද්ධ විය හැකි හානි වලක්වා ගන්නයි එහෙම කියන්නෙ. ]

Dolby atmos sounds, Viper ගැන දන්නවද ඔයා ? කමක් නෑ දන්නේ නැති වුනත් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න සරලව මම කියන්න යන්නේ.

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් නේහ් Dolby atmos sounds phone එකට දා ගන්න එක.හැමෝම ආසයි හොඳ සවුන්ඩ් එක්ක ෆිල්ම් එකක්,සින්දුවක් රසවිඳීන්න.ඒකෙ sound quality එක තමා මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව.

ඒ වෙනුවට viper දා ගන්න කියලත් සමහරු යෝජනා කරල තිබ්බා.ඒකත් ඉතින් පට්ට පතුරු නෙහ් .ගහපු අය දන්නව.

ඉතින් ඒ දෙකෙන් මොකක් දා ගන්නද කියලා ඔයා කල්පනා කරන්න ඇති සමහර විට. දෙකම පට්ටයි.අන්න ඒකට තමා මේ විසදුම ගෙනාවේ.



Picsart වලින් watermark එකක් හදමු ... [ How to create watermark withPicsart ] ...
15349825_1323872407683684_3861823650846292684_n

මම Picsart පාඩම් මාලාව (tutorials ) දෙන්න කලින් කට්ටියගෙන් අහල බැලුව අදහස්. ලිපිය ලියන්න කලින් අදහස් විමසුවෙ ගොඩ දෙනෙක්ට වැදගත් නැතිනම් මහන්සි වෙලා වැඩක් නැති නිසා. අනික මේ වැඩේ තරමක මහන්සියක් දරල පරිස්සමට කරන්ම ඕන , මොකද පොඩ්ඩක් හරි තේරුම් ගන්න අමාරු වුනොත් බලන කෙනාට දැනෙන්නේ "තමන්ට වැඩේ කරන්න බෑ" කියලා. ඉතින් එහෙම අධර්‍යමත් නොවෙන්න පරිස්සමෙන් වැඩේ කරන්න ඕන. නැත්තම් අන්තිමේදි බලන කෙනාට වැඩකුත් නෑ මගෙ මහන්සියත් අපතේ.

සල්ලි දීල ගන්න ඕන apps ,නොමිලේ ලබාදෙන app stores ( .... BEST ANDROID APPMARKETS TO GET PAID APPS FOR FREE .... )
සාමාන්‍යෙන් මම කියවන්න එපාවෙන තරම් දිගට ලියන්න අකමැති වුනත් මේ ලිපියට ටිකක් විස්තර ලියන්න කල්පනා කලා.ඒකට ප්‍රධානම හේතුව තමා ගොඩක් අය මේ app stores ගැන දන්නව වුනත් , දන්නැති කෙනෙක්ට ටිකක් විස්තර අවශ්‍ය වෙනව මේ app store වලින් වැඩ ගන්නේ කොහොමද කියල.ඉතින් ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ market apps ගැන හා ඒව පාවිච්චි කරන විදිය ගැන පොඩි විස්තරයක් ඇතුලත් කලා .

නොමිලේ චිත්‍රපටි හා ටීවී සීරීස් download කරන්න පුලුවන් apps ( APPS TO DOWNLOADMOVIES , TV SERIES FOR FREE )
PicsArt_08-16-07.43.41
.
High quality හා low quality යන දෙකෙන්ම movies , TV series බාන්න පුලුවන් app එකක් නෙවෙ සෙට් එකක් තමා මේ. මම පෞද්ගලිකව කැමති පිලිවලට තමා app ටික දෙන්නේ. ඒ කොහොම වුනත් හැම app එකක්ම වාගෙ සුපිරි .ඔක්කොම එලටම වැඩ.මේ app එකකවත් කිසිම speed limit එකක් හෝ වෙනත් සීමා කිරීම් නෑ.ඒ වගේම කිසිම ගෙවීමක් (in app purcheses ) කරන්නත් නෑ.


සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ගැටලු වලට විසදුම්. ( SOLUTIONS FOR COMMON ANDROID PROBLEMS )
android qz

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කරන විට පැන නැගෙන සරල ප්‍රශ්න බොහොමයකට විසදුම් මෙම ලිපිය මගින් ඔබට ලබාගත හැක. (ප්‍රශනය උඩ ක්ලික් කිරීමෙන් විස්තරය කියවිය හැකි අතර download ලින්ක්ස් තිබේ නම් ඒවා අදාල විස්තරය අවසානයට සපයා ඇත)

ENGLISH TRANSLATION 


You can find answers for basic android queations that faces with day today works here.

click on the question to see description.

Download links are avaiable at the end of the description of each question

@templatesyard