Recovery නැතුව ඕන දෙයක් flash කරමු [ Flash anything withoutrecovery ] - ANDROIDOSL

Search this site

Recovery නැතුව ඕන දෙයක් flash කරමු [ Flash anything withoutrecovery ]

FLASHFIRE

Recovery කිව්වෙ ?


Recovery ඇත්තටම කොටස් දෙකකට බෙදන්න පුලුවන්.එකක් stock recovery .ඒක තමා ෆෝන් එකට එනකොටම තියන එක.සමහර ෆෝන් වල එහෙම එකක් නෑ . මේකෙන් කරන්න පුලුවන් වචනාර්ථ්යෙන්ම ෆෝන් එක recover කර ගන්න එක තමා.ඒ කිව්වෙ මොකක් හරි ලෙඩක් වුනොත් factory reset,wipe data වගේ දේවල් කරලා ෆෝන් එක තිබුනු තත්වයට ගන්න එක.

එතකොට අනික් recovery එක තමා custom recovery. ගොඩක් ප්‍රසිද්ධම recovery තමා CWM සහ TWRP . මෙව්ව වලින් උඩ තියන රාජකාරි වලට අමතරව සෑහෙන්න වැඩ කරන්න පුලුවන්. ෆෝන් එකට එක එක සොෆ්ට්වෙයා කෑලි flash කරන්න වගේම rom flash කරන්න ගොඩක් වෙලාවට වැදගත් වෙනව මේ custom recovery




එතකොට මොකක්ද මේ සීන්කෝන් එක ?


මෙන්න මේකයි.ගොඩක් අය ඉන්නව තමන්ගේ ෆෝන් එක රූට් නම් කරල තියනව.ඒත් recovery ගහල නෑ.මොකද root කලාම තමන්ට අවශ්‍ය සෑහෙන්න වැඩ කොටසක් කර ගන්න පුලුවන්.අනික root කරන එක ගැන නම් හැමතැනම තියනව.one click root කරන්න ඇප්ස් තියනව.recovery වලට එහෙම නෑ.root කරනවට වඩා පොඩි දැනුමක් අවශ්‍යයි recovery එකක් ගහ ගන්න.

ඉතින් එක එක උණවල් කාලෙන් කාලෙට පැතිරෙද්දි ,recovery ගහල නැති අයටත් recovery එකක අවශ්‍යතාවය දැනෙනව. උදාහරණයක් විදියට පසුගිය ටිකේ ARISE , Dolby atmos ගොඩක් අය අතරෙ ජනප්‍රිය වුනා.ඒත් recovery නැති අයට මේව ගහන්න විදියක් තිබ්බේ නෑ .ඉතින් recovery නැති අයටත් මේ දේවල් රසවිදින්න recovery වලින්ම කරන වැඩ කර ගන්න පුලුවන් ඇප් එකක් දෙන්න යන්නෙ අද. එතකොට recovery නොගහ flash කරන්න එහෙම පුලුවන්.

Requirements (ඔබේ දුරකථනයේ තිබිය යුතු දෑ ) 



  • Android 4.2 සිට ඉහළට (android 6.0 වලට මූලික පරීක්ෂා කර ඇත)

  • මේකට root ඕන හරිය

  • 1 GB ram ( මේකට ගොඩක් රැම් එක ඕන.අඩුම 1GB වත් තියෙන්න ඕන කියල කියන්නෙ )

  • Uncloaked bootloader ? මේක නම් අත්‍යාවශ්‍යම නෑ.ඔයා රොම් එහෙම ෆ්ලෑශ් කරනව නම් BL Unloak කරල තියන එක හොදා.වෙන පොඩි පොඩි ෆයිල් ෆ්ලෑශ් කරන්න BL unloak කරල තියෙන්න ඕන නෑ සාමාන්‍යෙන්

කොහොමද මේකෙන් වැඩ ගන්නෙ ?


✔ සාමාන්‍ය ඇප් එකක් ඉන්ස්ටෝල් කරනව වගේ install කරන්න . ඊට පස්සේ root permission දෙන්න.මෙන්න මේ රූට් පර්මිශන් දෙන ඇප් එක්ක වැඩ.ඔයාගෙ එක ගැලපෙන්නෙ නැත්තම් error messege එකක් වැටෙයි.( SuperSU, CM's su withSELinux set to Permissive, or Magisk )

✔ දැන් ඔයාට මොකක් හරි ෆයිල් එකක් ෆ්ලෑශ් කරන්න අව්ශ්‍ය නම් ( උදා : A.R.I.S.E sound mod click here ) + ලකුණ ඔබල " flash zip or OTA " click කරන්න.

✔ ඊට පස්සෙ ඔයාට අවශ්‍ය file එක තෝරන්න.ඕන වුනොත් ආයෙ + ලකුණ ඔබල cache සහ dalvik cache wipe කරන්න .ඒ වගේම තව option ගොඩක් තියනවා system data,3rd party apps,cache partition කියල.අදාල thread එකේ ඒවත් wipe  කරන්න කියල තිබ්බොත් කරන්න පුලුවන්. (internal storage wipe කිරීමේ අවශ්‍යතාවක් එන්නෙ නෑ සමාන්යෙන් නම් )

✔ ඊට පස්සෙ " flash " click කරන්න

✔ රොම් ෆ්ලෑශ් කරන්නෙත් උඩ විදියටම තමා සාමාන්යෙන් .

✔  boot වෙන්න තරමක වෙලාවක් යන්න පුලුවන් පලවෙනි පාර කලබල වෙන්නැතුව ඉන්න.(යට කොටස කියවන්න )

අනිවා මතක තියා ගන්න xda foram එකේ ( හෝ ඔයා rom/flashable zip බාගන්න site එකේ ) rom හෝ වෙනත් flashable zips වලට අදාල thread එකේ ෆ්ලෑශ් කරන්න කලින් කරන්න ඕන දේවල් ගැන පැහැදිලිවම කියනව. අනිවා wipe caches & dalvik cache කියල ඇති ගොඩක් වෙලාවට.ඊට අමතරව තව ගොඩක් කරුනු,bug fix කරන විදි ගැන තියේවි. ඒ ඔක්කොම කියවල හරි විදියටම වැඩේ කර ගන්න එක ඔයාගෙ වැඩක්. මේ පෝස්ට් එකේ දල අදහසක් විතරයි flashing ගැන දෙන්නෙ.වැරදි file එකක් flash කිරීමෙන් විවිධ errors, bootloop වල ඉදන් brick වීම පවා වෙන්න පුලුවන්.සම්පූර්ණ අවධානම ඔයාට ගන්න වෙනව.
new1



screen-phone-2_framed












DOWNLOADS :


download link 02 (click here)

මොනා හරි අවුලක් වුනොත් අහන්න.….ජය !


Like☑  Comment☑  Share☑  FACEBOOK.COM/ANDROIDOSL


# මෙම යෙදුම හේතුවෙන් ඔබේ දුරකතනයට සිදුවිය හැකි කිසිදු හානියක් පිලිබදව අප විසින් වග කියනු නොලැබේ.සම්පූර්ණ අවධානම ඔබ විසින් දැරිය යුතු වේ. #

No comments:

@templatesyard