Folder Icons ගේමක් නැතුව හදමු ... [ HOW TO CREATE FOLDER ICONS ] ...( PCtutorial) - ANDROIDOSL

Search this site

Folder Icons ගේමක් නැතුව හදමු ... [ HOW TO CREATE FOLDER ICONS ] ...( PCtutorial)

PicsArt_12-27-08.03.04

මොනාද මේ icon files කියන්නෙ ?


pc එකේ ෆෝල්ඩර් වල රූපය මාරු කරන්න පාවිච්චි කරන ඉමේජ් ෆයිල්ස් වර්ගය. windows වල .ico කියන ෆෝමැට් එකෙනුත් mac os වලට .png ෆෝමැට් එකෙනුත් තියෙන්න ඕන.ඒ කියන්නෙ උදාහරනයක් ගත්තොත් "Supernatural TV Series.ico " කියල අගට .ico එක්ක තමා Windows වලට හරියන folder icons එක තියෙන්නෙ


කොහොමද folder icon මාරු කරන්නෙ ?


folder එක උඩ right click කරල properties ➡️ customize ➡️ change icon ➡️ browse ගිහින් ඔයාට ඕන icon එක තෝරල , ok  දෙන්න .

[ පහල තියන ඇනිමේශන් එක බැලුවම තේරෙයි වැඩේ.change icon ගියාම පහල ඇනිමේශන් එකේ පෙන්වන්නෙ කොම්පියුටර් එකේම තියෙන icons දාන විදිය , එතනින් browse ගිහින් ඔයා ඩවුන්ලෝඩ් කරපු icons තෝරන්න පුලුවන් ]




click here to see animationgiphy



Folder Icons හදා ගන්නේකොහොමද ?


මේකට ක්‍රම ගොඩක් තියෙනව.මම ක්‍රම 3 ක් කියල දෙන්නම්


  1. ලේසිම ක්‍රමය.



    • මේක තමා ලේසිම වැඩේ. ඔයාට ඕන film , tv series එකේ නම අගට icon කියල ගහල ගූගල් ඉමේජ් සර්ච් කරන්න. මෙහෙම "preacher tv series icon"

    • ඊට පස්සෙ icon එක සේව් කර ගන්න ( .png format එකේ icon save කර ගන්න  )

    • ඊලගට මෙන්න මේ කිලෝ බයිට් ගානෙ පොඩි සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කර ගන්න

    • දැන් තියෙන්නෙ සොෆ්ට්වෙයා එක ඕපන් කරල, ඔයා බා ගත්ත png format එකේ icons ටික එක පාර select කරල ඒකට ඇදල දාන්න.

    • ඊට පස්සෙ save වෙන්න ඕන location එක දීල "convert" ඔබන්න . වැඩේ ඉවරයි. උඩ කියල දීපු විදියට icon එක මාරු කර ගන්න තියෙන්නෙ ඊට පස්සෙ

    • DOWNLOAD SOFTWARE -
      Download link 01 ( no adf.ly): The file expired

      Download link 02 (mediafire)


  2. දෙවනියට ලේසිම ක්‍රමය



    • මේක කරන්නෙ සයිට් එකක් හරහා.උඩ විදියටම png format එකෙන් icons ටික ඩවුන්ලෝඩ් කරගෙන මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕන.

    • ඊට පස්සෙ ඉබේ icon file බවට convert වෙයි. ඒ ටික ආයෙම බා ගන්න තියෙන්නෙ.

    • WEB SITE LINK-
      click here


  3. අන්තිම ක්‍රමය



    • මේ ක්‍රමය මට නම් ටිකක් එපා වෙන වැඩක්. photoshop තියනව නම් PS icon plugin එක ඉන්ස්ටෝල් කරගෙන ඔයා download කරපු png format එකේ ෆයිල්ස් 256x256 ගානට resize කරල ico ෆෝමැට් එකෙන් සේව් කරන්න තියෙන්නෙ.Icon ඔක්කොම එක පාර ඉබේ resize කරන්න විදියක් තියෙද දන්නෙ නෑ මම , ඔයා දන්නව නම් කමෙන්ට් එකක් දාල අනික් අයටත් කියල දෙන්න කියල ඉල්ලනව

මොනා හරි අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාල අහන්න .

අපේ FACEBOOK page එකට ලයික් එකක් දාල, share පාරකුත් දාගෙනම යන්ඩෝ. ජය !


like ani last

1 comment:

  1. […] ගැන විස්තර දන්නෙ නැත්තම් මුලින්ම “අව්ශ්‍ය අයිකන් තනියම හදා ගන්න විදිය“post එක මෙතනින් බලන්න ,ඇත්තටම ඒ පෝස්ට් […]

    ReplyDelete

@templatesyard