සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ගැටලු වලට විසදුම්. ( SOLUTIONS FOR COMMON ANDROID PROBLEMS ) - ANDROIDOSL

Search this site

සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ගැටලු වලට විසදුම්. ( SOLUTIONS FOR COMMON ANDROID PROBLEMS )

android qz

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කරන විට පැන නැගෙන සරල ප්‍රශ්න බොහොමයකට විසදුම් මෙම ලිපිය මගින් ඔබට ලබාගත හැක. (ප්‍රශනය උඩ ක්ලික් කිරීමෙන් විස්තරය කියවිය හැකි අතර download ලින්ක්ස් තිබේ නම් ඒවා අදාල විස්තරය අවසානයට සපයා ඇත)

ENGLISH TRANSLATION 


You can find answers for basic android queations that faces with day today works here.

click on the question to see description.

Download links are avaiable at the end of the description of each question




.






ප්‍රශ්න හා විසදුම්



 [ questions and answers]



.





The audio format AC3 not supported?

  1. මේකට තියන සරලම විසදුම තම PLAY STORE එකෙන් AC3 කියන player එක download කරන එක-Play Store එකට යන්න මෙතන click කරන්න.

  2. තවත් විසදුමක් තමා MX Player Pro එක දා ගන්න එක

  3. එහෙම නැත්තම් mx player free එකෙට අදාල codac pack එක install කරලත් පුලුවන්









Download paid apps for free?මේව තමා හොදම market apps තුන

  1. blackmart alpa

  2. mobogenie

  3. aptoide







Google tips for new android ?මේ Google ආයතන මගින් කරන official website එකක්.පින්තූර සහිතව විවිධ ටිප්ස් පිලිබදව දැන ගන්න පුලුවන් මේ site එකෙන් -click here









Download Youtube videos?මේ මේ සදහා වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ tubemate ය.අවශ්‍ය කොලිටියෙන් download කිරීමට මෙන්ම play කිරීමටද මෙම ඇප් එකෙන් පුලුවන්.YouTube එකෙන් mp3 විදියට බාන්නත් පුලුවන්.           videoder කියල තවත් එකක් තියෙනව.ඒකත් පට්ට ලස්සනයි.වැඩත් කෑලිත් එල







Battery life?Android උපාංගවල බැටරිය වැඩිකරගනිමු.
*අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කලක් භාවිත කල පසු Phone එකේ බැටරිය ඉකමණින් අවසන් වෙන එක. ඒ කියන්නේ තමා බැටරිය කෙතරම් ආරෝපණය කළත් එය ඉකමණින් බැස යනවා කියන එක.ඒකට විසඳුමක් ඉල්ලලා ගොඩක් අය අපට කතා කලා, මේ ලිපිය ඒ අය වෙනුවෙන්මයි.
= මෙම ප්‍රශ්නය නිරාවරණය කර ගැනීමට විවිධ ක්‍රම හඳුන්වා දී තිබුණත් ඒවා එතරම් සාර්ථක නෑ.
=අප අද ඔබට කියා දෙන්නෙ බැටරි ක්‍රමාංකණය ගැනයි.
මෙය ඔබගේ බැටරියේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට උපකාරයක් වේවි.
::::: පළමු ක්‍රමය ( root කල උපාංග සඳහ )
1 . ඔබගේ දුරකථනයේ බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගොස් එය ක්‍රියා විරහිත වන තෙක් සිටින්න.
2 . නැවත එය ක්‍රියා කරන්න,එය නැවතත් ඉබේම ක්‍රියා විරහිත වන තෙක් සිටින්න .
3 . දැන් එය චාජරය හා සම්බන්ධ කරන්න,නමුත් එය ක්‍රියා කරවන්න එපා.
4 . දැන් එය එසේම 100% ආරෝපණය වන තෙක් තබන්න.
5 . සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ පසූ චාජරය ඉවත් කරන්න .
6 . දැන් එය ක්‍රියා කරන්න.එහි බැටරි ප්‍රතිශතය 100% පවතීනම් 10 වන පියවරෙහි සිට ඉදිරියට ඇති උපදෙස් පිලිපදින්න, 100% නොමැතිනම් යලි ක්‍රියා කර තිබියදීම චාජරය සම්බන්ධ කරන්න.එය 100% වන තුරු ආරෝපණය කරන්න.( screen එක off වෙන්න දෙන්න එපා )
7 . දැන් දුරකථනය restart කරන්න.
8 . ක්‍රියා වූ පසු දුරකථනයේ බැටරි ප්‍රතිශතය බලන්න. එය තවමත් 100% නොමැතිනම් යලි 6 වන පියවර පිලිපදින්න .
9 . එහි ප්‍රතිශතය 100% වන තෙක් ඉහත පියවරයන් අනුගමනය කරන්න.
10 . දැන් ඔබ පහත link එකෙන් Battery Calibrater ඇප් එක ලබාගෙන එය install කරන්න.( එම app එක run කිරීමට ප්‍රථම යලිත් බැටරි ප්‍රතිශතය 100% දැයි බලන්න.
Link -- https://play.google.com/store/apps/details…
11 . යලි දුරකථනය ක්‍රියා වූ වාහාම app එක run කරන්න.අනතුරුව එමගින් දුරකථන බැටරිය recalibrate කරන්න.
12 . දැන් යලිත් දුරකතනය සම්පූර්ණයෙන්ම බැටරිය බැස යන තෙක් තබන්න.
13 . දුරකථනය ක්‍රියා විරහිත වූ පසු එය චාජරයට සම්බන්ධ කොට පැය කිහිපයක් බැටරිය ආරෝපණය කරන්න.
14 . සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ පසු දුරකථනය ක්‍රියා කොට සාමාන්‍ය පරිදි පරිහරණය කරන්න.......
:::::: දෙවන ක්‍රමය (root නොකළ උපාංග සඳහා)
Root පහසුකම ලබා නොමැති දුරකථන අංක 1 සිට 14 දක්වා
පියවර එලෙසම අනුගමනය කරන්න.(අංක 10 හා 11 සිදු කරන්න එපා!!! / Battery calibrater app එක root acsess උපාංග සඳහා පමණක් සහාය දක්වයි......
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.









Root ?ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ phone එකක් root කරනවා කියන්නෙ කියලා. ඔන්න අද ඒ ගැන කියලා දෙන්න අපි අරගෙන ආව විශේෂ ලිපියක්.
> Phone එකක් root කරනවා කියන්නෙ ඒකෙ operating system එක unlock කරනවා වගේ වැඩක්.ඒ කියන්නෙ os jailbreak කරනවා කියන එක.
*Phone එකක් root කරන්නේ කොහොමද ?
1 . PC එකක් පාවිච්චි කරලානම් Root genius software එකෙන් පහසුවෙන් ඔයාලගෙ device එක root කරගන්න පුලුවන් .
Link - http://www.shuame.com/en/root/
2 . Phone එකෙනුත් root කරන්න එක එක ක්‍රම තිබුණත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් PC එකක් පාවිච්චි කරන එක වඩා සුදුසුයි.
Phone එකෙන්ම root කරනවනම් ඒ සඳහා kingroot හෝ key root master mod පාවිච්චි කරන්න.
Kingroot - http://king.myapp.com/…/NewKingrootV4.9.6_C151_B301_en_rele…
Key root master ( mod version ) - http://download.apks.org/…
*phone එකක් root කලාම මොනවාද කරන්න පුලුවන් ?
1 . Unapproved apps install කරන්න පුලුවන් .
2 . System apps remove කරන්න පුලුවන් .
3 . OS eka update කරන්න පුලුවන් .
4 . Custom Rom Flash කරන්න පුලුවන් .
5 . Modules පාවිච්චි කරන්න පුලුවන් .
ඔය වගේ විවිධ දේවල් root කලාම අත්විඳීන්න පුලුවන් .
*root කිරීමේ අවාසි මොනවාද ?
1 . Software warrenty ඉවත් වෙනවා .
2 . පාලනයකින් තොරව os එක permission ලබා ගන්නවා.
3 . Virus , spam වගේ දේවල් ඇතුල් වෙන ඉඩකඩ වැඩි වෙනවා.
ඔය වගේ අවාසිත් root කලාම අත්විඳීන්න වෙනවා.
යම් උපාංගයක් root කර තිබේදැයි සොයා ගැනීමට Root Checker app එක පාවිච්චි කරන්න පුලුවන් .
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.









Smart Watches?සරලව කියනවනම් වේලාව බැලීමට අමතරව තවත් කටයුතු රාශියක් ඉටු කර ගැනීමටත් අතේ පැලඳගෙන යාමටත් හැකි උපාංගය Smart Watch නම් වේ.
1 . Smart Watch සඳහා ආවේණික apps ද ඇති අතර තවත් බොහොමයක් apps google play store හරහාද install කරගත හැක.
2 . Smart watch ක්‍රියා කරවීමට smart phone එකක් අත්‍යාවශ්‍ය නොවුනත් සමහරක් smart watch ක්‍රියා කිරීමට smart phone එකක් අත්‍යාවශ්‍ය වේ .
3 . Smart watch වලට භාවිත කරනුයේ Li-lon වර්ගයේ බැටරි වේ.ඒවා එක දිගට දින කිහිපයක් වුවත් භාවිත කල හැක.
Smart watch නිපදවන සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගම් පහත දැක්වේ.
1 . Samsung
2 . Apple
3 . Pebble
4 . Sony
5 . Casio
6 . Asuz
7 . Motorola
8 . LG
9 . Huawei
= Smart watch එකක් මිලට ගැනීමේදි ඔබ,
එය නිෂ්පාදනය කරන සමාගම සහ රට
එහි බැටරයේ ප්‍රතිශතය හා ප්‍රමාණය
එය සහාය දක්වන මෙහෙයුම් පද්ධතිය
එහි නිමාව හැඩය හා පෙනුම
එහි අඩංගු පහසුකම් හා විශේෂ කාර්‍යයන්
සළකා බැලීම වඩා සුදුසුය....
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.









Lost device/Anti theft ?අද කාලේ සොර සතුරන්ගෙන් දෙයක් ආරක්ෂා කරගන්න එක බොහෝම අමරුයි.ඒ වගේම තමයි වැඩ රාජකාරි මැද්දේ ගොඩක් අය තමාගේ දේවල් නැති කරගන්නවා.ඔය නැති වෙන සොරකම් වෙන දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි phone එක.මේ ලිපිය තමාගේ දුරකථනය ආදරයෙන් බලා ගන්න ඔයාලටයි.
මේ සඳහා උපකාර වන app එක තමයි Android Device Manager .පහල තියෙන link එකෙන් බා ගන්න.
Link - https://play.google.com/store/apps/details…
මේක කරන්නෙ මෙහෙමයි ...
1 . App එක ඔයාලගේ phone එකට install කරගන්න.
2 . ඔයාලගේ google mail එක දීල sign in වෙන්න.
3 . දැන් app එක ඔයාලගෙන් permission ඉල්ලයි location පාවිච්චි කරන්න.ඒක accept කරන්න.
4 . දැන් ඔයාලගේ device එක registered.
ඔයාලට දැන් ඔයාලගේ phone එක lost වුනොත් වෙන කෙනෙක්ගෙ phone එකකින් ඔයාගෙ account එකට sign in වෙලා phone එක තියෙන තැන හොයා ගන්න පුලුවන් .
මේකට අමතරව antivirus app වලින්ද මේ හා සමාන සේවාවක් ලබා ගන්න පුලුවන් . ඒ anti-thief පහසුකම මගින් .
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.









Roms ?ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ස්ථාපනය කරල තියෙන මෙහෙයුම් පද්ධතියේ සැකැස්ම Rom එකක් කියල සරලව හඳුනාගනිමු .
*Rom වර්ග 2 ක් දක්නට ලැබෙයි.
1 . Stock Rom
2 . Custom Rom
Stock Rom යනු ?
*ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලට ගන්නා මොහොතේ නැතහොත් ඔබගේ Android phone එකට official release වන මෙහෙයුම් පද්ධතිය Stock Rom ලෙස හඳුනාගනිමු .
Custom Rom යනු ?
*ඔබගේ Android phone එකට officially නිකුත් නොවන විශේෂ ආකාරයට ඔබගේ දුරකථනයට ගැලපෙන අයුරින් නිපදවා ඇති Rom වේ.
Stock Rom - දුරකථනය තුල හොඳින් ක්‍රියා කරයි.
දුරකථනය තුල bugs අවම කරයි.
දුරකථනයේ නිල මෙහෙයුම් සහයන් ලැබේ.
Custom Rom - දුරකථනය නිල මෙහෙයුම් පද්ධතියෙන් බැහැර කොට එයින් ඔබ්බට upades ලබා ගත හැක.
දුරකථනය තුල විවිධ bugs ඇතිවීමට ඉඩකඩ පවතී.
දුරකථනයේ නිල මෙහෙයුම් සහයන් ලබා ගත නොහැක.
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.









Mod/Crack apks ?Mod / Crack Apk යනු මොනවාද ?
*අද බොහෝ දෙනා අතර කතාබහට ලක්වන දෙයක් තමයි Mod and crack apk ගැන.ඒ ගැන ඔයගොල්ලන්ට අදහසක් ලබා දෙන්න තමයි මේ ලිපිය .
Mod Apk - යම් app එකක සංක්‍යාත්මක අගය වෙනස් කොට එය නියතයකට හෝ යම් ඉහල අගයකට සකස් කොට නිකුත් කරන ඒවාය.
Crack Apk - යම් app එකක බලපත්‍ර ඉවත් කොට ඒවා රිසි සේ භාවිතයට සකසා නිකුත් කරන ඒවාය.
# මෙකී apk ,play store හි දක්නට නොලැබෙන අතර ඒවා විවිධ private sites වලින් බා ගත කිරීම සිදු කරගත යුතුය .
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.







Rom flash ?Flash a Custom Rom on any Android device*
කොහොමද යාලුවනේ අද ගෙනාවා අපි custom rom ගැන සම්පූර්ණ ලිපිය .මේ ලිපිය ඕනම Android දුරකථනයකට පහසුවෙන්ම Rom එකක් flash කරන හැටි කියල දෙනවා.
What is a custom rom - https://m.facebook.com/story.php…
1. මුලින්ම ඔයාලගෙ Android phone එක root කරගන්න ඕනේ.
How - https://m.facebook.com/story.php…
2. ඊලඟට ඔයාගේ phone එකට ගැලපෙන rom එකයි,rom එකට ගැලපෙන gapps ටිකයි download කරගන්න ඕනේ.
Sites for rom - http://www.xda-developers.com
http://www.cyanogenmod.org
Site for gapps - http://opengapps.org
3. ඉන් අනතුරුව තමාගෙ device එකට අදාළ custom recovery එක flash කරගන්න ඕනේ.
How - https://m.facebook.com/story.php…
4. ඊට පස්සෙ download කරපු rom එකයි gapps pack එකයි SD card එකට copy කරන්න ඕනේ.
5. දැන් phone එක off කරලා recovery mode එකට පිවිසෙන්න ඕනේ.(volume up + home + power buttons)
6. ඊලඟට පහත පිලිවෙල අනුගමනය කරන්න .
අ. Wipe - wipe all data
ආ. Advance wipe - wipe dalvik cache
ඇ. Install - zip from sd
ඈ. Install rom file
ඉ. Install gapps
ඊ. Reboot system
https://web.facebook.com/androidguruorg/ පිටුවෙන් උපුටා ගන්න ලද්දකි.

ඉහත විස්තරයේ දක්වා ඇත්තේ සාමාන්යි පිලිවල වුවද rom එකෙන් rom එකට විවිද වෙනස්කම් කරන්න සිදුවෙනව.ඒ නිසා ඔයා download කරන රොම් එලට අදාලව රොම් එක හදපු කෙනා විස්තරයක් සපයනව අනිව.අන්න ඒ විස්තරය අකුරක් නෑර කියවහන් නැත්තම් ඊටපස්සෙ ඕන් නහකුනු ගාන්න එපා. රොම් ගැසීමට ගොස් ඔබේ දුරකතනයට සිදුවන කිසිදු අලාබ හානියක් ගැන අප විසින් වගකියනු නොලැබේ









Ad block ?

  • ඔයාගේ ෆෝන් එක root නැති නම් ad block plus පාවිච්චි කරන්න- click here to download ( link වැඩ නැත්තම් මෙතන click කරන්න official site එකට යන්න )

  • Root නම් adaway පාවිච්චි කරන්න.-click here to download .

No comments:

@templatesyard