පෝස්ට් වලට Like Comment Share කලාම වෙන FaceBook මැජික් හරියට කරමු . . . [ All about like farming ] - ANDROIDOSL

Search this site

පෝස්ට් වලට Like Comment Share කලාම වෙන FaceBook මැජික් හරියට කරමු . . . [ All about like farming ]

2017-07-24 09.38.42 1

ඔයාටත් මේ නයා යනව හරියට බලන්න බැරිවුනාද ? අපිට නම් හරි ගියා.මෙහෙමයි හරියටම කරන්න ඕන.




1) මුලින්ම අපේ පේජ් එකට ලයික් කරන්න. (Click me)
2) ඊලගට #RAN කියල comment කරන්න මේ පොස්ටුවේ (click here).
3) ඊලගට පෝස්ට් එක share කරන්න .
4) screen එක ඉහල පහල swipe කරන්න.


🚮 ඔක්කොම කලත් නයා ගියෙ නෑ නේද ?
ඔව් නයා යන්නෙ නෑ තමා මොනා කලත්,මොකද එහෙම එව්ව facebook වල නැති හින්ද .

fb එකේ පේජ් / මොන මොනාට හරි like කරල , comment කරල , share කරාම පින්තූරයට වෙන දේ බලන්න, නයි යනව බලන්න,කැරපොත්තො යනව බලන්න,බොද රූපය මතු වෙනව බලන්න ගාල මොනා තිබ්බත් ඒ ඔක්කොම ඉතින් බොරු.එහෙම features Facebook එකෙන් දෙන්නෙ නෑ මොකද ඒ වගේ දේවල් වලින් fb එකේ quality එක අඩු වෙන එක නෙහ් වෙන්නෙ

🚮 මේවට කියන්නෙ like farming කියල.google ගැහුවම ඕන තරම් විස්තර හොයා ගන්න පුලුවන්.ඔය වැඩේට, මේ දරුවාට සුවය පතා like කර share කරන්න,like comment share කර නවීන දුරකථනයක් දිනා ගන්න ,ඔබ FACEBOOK එකට උපයා දුන් මුදලින් 20% ක් දුරකථනයට Reload මගින් ලබා ගන්න (මාර්ක් අයියට කසනවනෙහ් 😂 ) වගේ හැම දෙයක්ම වාගෙ අයිති වෙන්නෙ ඔය like farming කියන වැඩේට.ගොඩක් පේජ් කරන  අය ඕක කරනව . මොකද පෝස්ටුව දාන කෙනාට කවුරුත් මොකුත් කියන්නෙත් නෑ
ඇයි ඔයාට හිතෙන්න ඇත්තෙ ඔක්කොම කරල හරි ගියෙ නැත්තෙ ඔයා මොනා හරි step එකක් වැරැද්දුව හින්ද,වෙලා ගත්ත වැඩි හින්ද මොනා හරි හින්දයි හරි නොගියෙ. නැත්තම් මෙච්චර අය comment කරන්නෙ නෑ නෙහ් වගේ දේවල්.

🚮 මේකෙන් වෙන ලාභය මොකකද ?

මේවගේ පෝස්ට් වලින් ඔයාට මෙලෝ සෙතක් වෙන්නෙ නෑ ඉතින්. ඒත් ඔයාට කුතුහලයක් තියෙනව ඇති පෝස්ටුව දාපු කෙනාට මොකක්ද මේකෙන් ඇති වැඩේ කියල.
ඒක වෙන්නෙ මෙහෙමයි.ඔය වගේ ලයික් , comment වැටිල ලයික්ස් 10K වගේ පැන්නුවම පේජ් වල ඇඩ්ස් දාන්න ගන්නව.එතකොට ඒව ඔයාගෙ feed එකේ වැටෙනව . ඒකෙන් පේජ් එක කරන කෙනාට ලාබ ලැබෙනව.ඕක සරලම පැහැදිලි කිරීම. තව ක්‍රම තිබ්බත් මම එව්ව ලියන්න යන්නෙ නෑ.ඔයා දන්න ඒවත් තියෙ නම් බෙදා ගන්න කියල ඉල්ලනව.

🚮 මේව අදුර ගන්නෙ කොහොමද ?
ඔයාට ඔය ජාතියෙ පෝස්ට් දැකලම දැන් අනිව පොඩි හරි idea එකක් ඇති මොනවගේද මේ පෝස්ට් කියල.
සරලවම කියනව නම් මොකක් හරි like,comment,share කලාම විජ්ජාවක් වෙනව කියල තියෙ නම් එව්ව like farming posts.
නැත්තම් 1 like= 1 pray වගේ ලයින් එව්වත් ඕවම තමා.
අවසානයට මේක මතක තියා ගන්න.comment ,like කලා කියල මැජික් වෙන system එකක් fb වල නෑ.

🚮මේව කියල දෙන එකේ මගෙ අරමුණ මොකක්ද ?

ඇයි ඔයා රැවටිල පේජ් එකට ලයික් එහෙම දැම්ම නේ මුලින් 😂.
මට කාවවත් රවට්ටල ලයික් වැඩි කරගෙන වැඩක් නෑ . බලාන්කො මම එක පෝස්ට් එකක්වත් දාල තියෙද කියල ඔය ජාතියෙ.
අනික කාගෙවත් අසරණ වෙලා ඉන්න ළමයෙක්ව විකුණං කන වැඩ මට කොහොමත් දිරවන්නෙත් නෑ.අනික රවට්ටල බොරු ලයික් අරන් මොකටද කවුරුත් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තම්.
( නෑ නෑ මම සාන්තුවරය නෙවෙයි ,හෙන කුපාඩි අනික් වැඩ වලට 😂 )

ඉතින් මට හිතුනා මේ ගැන දන්නෙ නැති කවුරු හරි ඉන්නව නම් කියල දෙන එක හොදයි කියල.අපරාදෙ නෙහ් තේරුමක් නැති දේවල් වලට ඉවරයක් නැතිව රැවටෙන එක.

අහ් යන්න කලින් තව එකක්. පුලුවන් නම් #RAN වෙනුවට #පෝස්ට් එක කියවන්න , #Read the post වගේ දෙයක් comment කරන්න. එහෙනම් අපි කැපුන.

No comments:

@templatesyard