ඔයාට විතරක් තේරෙන රහස් පණිවිඩ යවමු . . . [ Secret message system that only you can understand ] . . . - ANDROIDOSL

Search this site

ඔයාට විතරක් තේරෙන රහස් පණිවිඩ යවමු . . . [ Secret message system that only you can understand ] . . .

Pics_Art_09-09-05.39.05
ආතල් වැඩක් කරන්න යන්නේ. ඒවගේම මහා පරිමාණ මංකොල්ල , න්‍යෂ්ටික රහස් වගේ දේවල් ගැන communicate කරනව නම් මෙන්න විදියක්. 

ඔයාල දන්නව නෙහ් whatsapp ,allo එහෙම messages encrypt කරල යවන්නෙ කියලා.ඒත් court order එකකින් ඒව ආයෙ ඒ ආයතන හරහා ගන්න පුලුවන් කියල කතාවක් තියනවා.ඇත්ත නැත්ත නම් හරියට දන්නේ නෑ ගොඩක් අය කියන්නේ whatsapp අයිතිකාරයටවත් කියවන්න බෑ කියලා. 

කොහොම හරි මම මේ කියන්න යන්නේ මැනුවල් encryption එකක් දාලම ඔයාගේ අතිශය රහස් messages යවන්න ලේසි වැඩක්.තේරුනා මදිද .අවුලක් නෑ කියෝගෙන යමුකො. 

මේක ඇත්තටම වැදගත් වෙන්නේ court order වලටත් වඩා බස් වල එහෙම යද්දි message කර කර යනකොට සමහර වෙලාවට එහා පැත්තේ එකත් එබි එබී ඔයාගේ messeges කියවනවා.පරන messeges එහෙමත් ඌට පේනව එතකොට. අපි හිතමුකො ඔන්න උඩ තියනවා අතිශය පෞද්ගලික / රහසිගත messages වගයක් නිකන් පෙන්ටගන් එකට ගහන්න ප්ලෑන් කරපුවා වගේ. හා හා ගෑල්ලමය එක්කල යවපු එව්ව හරි කියල හිතා ගන්නකො 😂. ඒවාත් එහා පැත්තේ ඩයල් එක කියවන්න ගන්නවා ඒ අස්සේ , ඉතින් වාත නේහ්. 

තවත් ඉම්බැරිසින්ග් අවස්ථාවක් වෙන්නේ app lockers දාල තිබ්බත් අපි යාලුවො සෙට් එකක් එක්ක ,අදුරන අය එක්ක ගමනක් යද්දි , ගෑල්ලමය එක්ක යද්දි ඕකෙ pattern එක පේන්නම අදින්න වෙනවා නෙහ්. 
ඔන්න ඉතින් අපිට ෆෝන් එක වෙන කෙනෙක්ගෙ අතට දෙන්න වෙනවා.භයානකම අවස්ථාවක් තමා ගෑල්ලමයා ෆෝන් එක චෙක් කරනවා අපේ ඇප් ලොක් පැටන් එක බලාගෙන,නැත්තම් ෆින්ගර්ප්‍රින්ට් එක තියෝගෙන.ඔන්න ඊට පස්සෙ සබ්බ සකලමනාවම දකිනව එහෙම්මම.ඔන්න කේස්. 
නැත්තම් කුප්ප යාලුවොන්ගේ අතට දුන්නම උන් ඔව්වා බලනවා කියල හිතමු.දන්නව නෙහ් ඊට පස්සෙ උන්ගේ වාචාල කටවල්. 

ඔය අවස්ථා දෙකම ඇරෙන්න කාට හරි රහසිගත /පෞද්ගලික messeges යවල තියන්න වෙනවා හදිස්සියේ.ඒත් අදාල පුද්ගලයා කියවයිද නැත්තම් වෙන කවුරු හරි කියවයිද දන්නේත් නෑ.

ඔන්න තවත් ප්‍රශ්නයක් දැන් මම කියන්න යන්නේ උක්ත අවස්ථාවන් සියල්ලටම විසදුමක්ලු.  

( පියවර 1 )

 මේකයි වැඩේ .මෙන්න මේ ඇප් එක ස්ටෝරුවෙන් බා ගන්න.(ඩවුන්ලෝඩ් ලින්ක් පහල තියේ) ඒකේ ඔයාට යවන්න ඕන messege එක type කරන්න .ඊට පස්සේ key කියන තැනට පාස්වර්ඩ් එකක් දෙන්න .උඩ AES කියන එකට 128,192 හෝ 256 යන ඒවගෙන් කැමති අගයක් දෙන්න. (Screenshot එක බලන්න) ඊලගට Encrypt ඔබන්න. හරි ඊට පස්සේ මේ වගේ අමුතු චීන අකුරු අංක ගොඩක් විදියට අපි type කරපු එක වෙනස් වෙයි.ඒක copy කරන් ඔයා message කරන ඇප් එකේ පේස්ට් කරල යවන්න තියෙන්නෙ.
    Pics_Art_09-09-04.59.43

(පියවර 2) 

හරි දැන් එහා පැත්තේ කෙනාගෙ වැඩ ටික ( message එක ලබන්නාගේ ). 

ඔයා එයාට කලින් කියල තියෙන්න ඕන password එකයි , AES අගයයි. ඒක මුලින් කතා බහ කරන් delete කරල දැම්මැකි නේහ්.

එයාට අරෙහම අමුතු අකුරු ගොඩකින් encrypt කරපු message එක තමා ලැබෙන්නෙ. එයාත් අර ඇප් එක ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕන message එක කියවන්න. 

එයාට තියෙන්නේ encrypted message එක copy කරල ඇප් එකේ පේස්ට් කරලා , key කියන තැනින් පාස්වර්ඩ් එක ගහල, AES අගය තෝරල Decrypt ඔබන්න. 

ඔන්න ක්ෂ්ණිකව messege එක decrypt වෙනවා එතකොට.සාමාන්‍ය විදියට කියවන්න පුලුවන් වෙන්න.
  Pics_Art_09-09-05.05.22

ඔයාට දැන් මේ ඔක්කොම විස්තර කරල දෙන්න බෑ නෙහ් ඔයා එක්ක Message කරන අනික් පාර්ශ්වයට/පාර්ශ්වයන්ට. ලිපියේ ලින්කුව යවන්න.යටින් දැම්ම ලින්කුව කෙටි කරල

( post link in mini  size - https://goo.gl/4UxHVm )

නැත්තම් මේ ලිපිය copy කරල හරි යවන්න.

වැඩේ.ඔයාලගෙ අදහස් , උදහස් ඔක්කොම කමෙන්ට් කරන්න අපිට එව්ව වැදගත්. එහෙනම් ඊලග පෝස්ටුවෙන් සෙට් වෙමු ජය. ආහ් යන්න කලින්, ඔන්න මම encrypt කරපු  message එකක් දානවා.

පාස්වර්ඩ් එක " Anomalysl " RES අගය 256 . Decrypt කරලා බලන්න හරි යයිද කියලා වැඩේ. "

갰Ζम갭갯갼ङΠ같ऊऌЗ갪ИĤЭछ개ĴѰ갩ѪТDѼ각ςĤ갩같खЏ갖φ갗갓갾खजĵНछफΩ7ढTΓल4घ갗가VΝǼऎΤѪМMѸφπΦ갃ब갂갟갥ΘĽΡĤΞѨΞIY갘टЃΠ갴पψЧЗЛPΕ3AКउक갓ѤXЯर갩U8ओ갻갈द갨आςझǼЛKK갥갴ΑĠ갨ЌअЦऴथN갽Ѷ7ΡCѰHЪ갟5ѪѾ갍갔ईВTऌĮ갊हणउऋएOΙЧP갗갼ѢПΠЊ갘ठ갢अĤSΓπआX7С갪ς갞Uषघ강चझΕΞ1갭MखΞ갼갞ΩѢऱ갧갂갲ZS갱갥ЩAЅ갃Ъ갳

 "

D O W N L O A D S :


Download from playstore :
click me


♥ LIKE COMMENT SHARE , FACEBOOK ♥ - facebook.com/androidosl

No comments:

@templatesyard