ඊලඟ පරම්පරාවේ messaging app එක,Google Allo ගැන. ( NEXT GENERATION MESSAGING APP,GOOGLE ALLO. ) - ANDROIDOSL

Search this site

ඊලඟ පරම්පරාවේ messaging app එක,Google Allo ගැන. ( NEXT GENERATION MESSAGING APP,GOOGLE ALLO. )

2016 Google I/O හිදී තමා මෙම app එක පිලිබදව Google සමාගම ඉදිරිපත් කලේ.Android හා ios මෙහෙයුම් පද්දති (platform ) වලට හදුන්වා දීමට නියමිත සාමාන්‍ය messeging app එකකට වඩා බොහෝ දේ කල හැකි smart messaging app එකක් තමා Google allo කියන්නේ.

විස්තරය කියවගෙන යන්නකො පුදුම හිතෙයි මේකේ වැඩ දැක්කම


.මේකත් whats app වගේ ඔබේ mobile number එක මත පදනම්ව තමා ක්‍රියා කරන්නේ.මේ app එක hangouts වලට ආදේශකයක් නොවේ .වෙනම ක්‍රියා කරන ( stand alone ) app එකක්.
මේ app එකේ විස්තර ප්‍රධාන මාතෘකා 3 යටතේ තමා සාකච්ඡා කරන්න යන්නේ. ​



1) Unique Expression 


සාමාන්‍ය messeging app එකක තියන සියලු features මෙහි අන්තර්ගතයි . Facebook messeger එකේ වගේ ලොවපුරා artistsලා design කරනලද stickers විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි.එමෙන්ම emoji පහසුකමද ඇතුලත් .

වඩා ආකර්ෂණීයම feature එක තමා " Whisper or Shout" විශේෂාංගය( feature) .send button එක slide up,slide down කරල reply එකේ font size එක වෙනස් කර message යවන්න පුලුවන් මෙමගින්.ඒ කියන්නේ අවදානය ලබා ගන්න අවශ්‍ය වූ විට caps වලින් type කරන්න ඕන නෑ.
තවත් අපූරු විශේෂාංගයක්( feature ) තමා " INK ". මෙමගින්  පින්තූර මත තීන්තෙන් ලියා ඇති ආකාරයට දිස් වෙන සේ ඔබට අවශ්‍ය දේ ලියා යැවිය හැක.

මේ ඔක්කොටම වඩා සුපිරි feature එක තමා " Smart Reply "
.උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්කො. කවුරු හරි ඇහුවොත් " want to grab a dinner " කියල " I'm in" සහ I'm out " කියල ඔයාට suggest ( යෝජනා ) වෙනව ඉබේම.තවද machine learning and natural language processing මගින්, allo වැඩි වැඩියෙන් භාවිත කරද්දී වඩාත් හොදින් ඔබටම ආවේණික වූ reply suggest කරන්න ඉගෙන ගන්නවා.

Smart reply feature එකේ තවත් සුපිරිම වැඩක් තමයි ඔයාට එන පින්තූර වල අන්තර්ගතය,පින්තූරෙ ඇති වචන ආදිය වටහාගෙන වඩාත් හොද reply suggestions ලබා දීමයි.   උදාහරණයක් ගත්තොත් ඔයාට pizza එකක පින්තූරයක් එව්වොත් "wow I love pizza,yummy වගේ pizza වලට ගැලපෙන suggeation ලබා දෙයි.

2) Google Assistant


Assistant app වලින් කරගන්න පුලුවන් වැඩ ඔයා දැනටමත් දන්නව ඇති නෙහ්.මෙම පහසුකම ගැනත් උදාහරණ ටිකකින්ම විස්තර කරන්නම්.ඔයා යාලුවෙක් එක්ක Chinese food කන්න යන්න කතා කර කර ඉන්නව කියමුකො.එතකොට assistant  විසින් ලගපාත තියන chinese කෑම කඩ messeging window එක යටින් පෙන්වනවා.

ඔයා suggestions උඩ tap කලොත් රෙස්ටුරන්ට් සෙට් එක chat එකේ ඉන්න හැමෝටම දර්ශනය වෙනවා. ඊටපස්සේ ඔයා එකක් උඩ tap කලොත් රෙස්ටුරන්ට් එකේ location ආදී විස්තර වැටෙනවා. ඔයාට ඕන නම් මේසයක් book කිරීම,වෙලාවක් වෙන් කරවා ගැනීම දක්වා විවිද කාර්‍යන් කර ගන්න පුලුවන් ඇප් එකේ ඉදන්ම.

ඒ කියන්නේ messaging app එකෙන් අයින් වෙන්න browser එකකින් වෙනම search කරන්න.ඒව copyකරන් ආයෙම chat එකට එන්න වාගේ කරදර රැසක්ම මග හරවා ගන්න පුලුවන්.

මීට අමතරව @google කියා type කිරීමෙන් assistant ගෙන් ඕන දෙයක් කෙලින්ම විමසන්න පුලුවන්. උදාහරණයක් විදියට funny pics කියල ඇහුවොත් ඔබට google images මගින් අදාල රූප පෙලක් ලබා දෙයි.
Artificial intelligence and machine learning මගින් ඔබට අවශ්‍ය දෙය වඩාත් හොදින් අවබෝධ කර ගනී.     උදාහරණයක් විදිය " what's playing tonight " කියලා ඇහුවොත් අවට සිනමාහල් වල ඇති ච්ත්‍රපට පිලිබද විස්තරයක් ඔබට ලබා දෙයි.ඉන් පසුව ඔබ "we are planing to bring kids"  කියා පැවසුවොත් පවුලේ සැමට සුදුසු චිත්‍රපට පමණක් යෝජනා කිරීමට වග බලා ගනී. එසේ නොමැතිනම් කෙලින්ම අවශ්‍ය චිත්‍රපටය ගැන අහුවැකි මේ වගේ. " Let's see Jungle Book " එවිට එය පෙන්වන කිට්ටුව තියන සිනමාහල් ඇතුලු විස්තරද ,ටිකට් මිලදී ගැනී ආදී කටයුතුද app එක තුලින්ම කර ගත හැක.තවද " Is JungleBook any good? " විමසූ විට assistant විසින් reviews ,ratings මෙන්ම trailer පවා suggest කරයි.

3) Security 


සියලුම messages encrypted කර ඇත.ඊට අමතරව Allo incognito mode එකද ක්‍රියාත්මක කර ගත හැක.එහිදි end to end encrypted feature එකට අමතරව expiring chats,private notifications වැනි පහසුකම් රැසක් ක්‍රියාත්මක කරගත හැක.තවත් privacy control රැසක් app එකට අන්තර්ගත කර ඇතඇත

පින්තූර පැහැදිලි මදි නම් ඒ මත click කරන්න

[gallery columns="2" ids="446,447,448,449,450"]
 
තාම මේ app එක release කරල නැතත් ඔයාට pre register වෙන්න පුලුවන් Play Store එකට ගිහින්. එතකොට app එක release කරාම ඔයාට notification එකක් එයි.app එක release කරල තියෙන්නෙ.9mb size එක.පහල තියෙ download link

Play Store link-

 click here

No comments:

@templatesyard