Google සමාගම හඳුන්වා දුන් නවතම Video Calling ඇප් එක. ( New video calling appfrom Google ) - ANDROIDOSL

Search this site

Google සමාගම හඳුන්වා දුන් නවතම Video Calling ඇප් එක. ( New video calling appfrom Google )

PicsArt_08-20-12.26.18

.
2016 අගෝස්තු 15 වැනිදා Google සමාගම විසින් නව video calling app එකක් එලි දැක්වූවා.එහි නම Google Duo වන අතර ඒ පිලිබද තමයි මේ ලිපිය ලියවෙන්නේ.
මෙම app එක download කිරීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් හා ඉක්මනින් sign up විය හැකි පරිදි සකසා තිබේ.ඉන් පසු රිසි සේ ඔබේ මිතුරන්ට ඇමතුම් ලබා ගත හැක.

Google සමාගම විසින් call fails,choppy (choppy කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නෑ සිංහලෙන් පැහැදිලි කරන්න.screenshot එකක් දැම්ම ඔන්න බලලම තේරුම් ගන්න-මෙතන click කරන්න )වීම වලක්වා ගැනීම පිලිබදව වැඩි අවදානයක් යොමු කර තියෙනවා




සරල හා පහසු නිමාවකින් යුතුව මෙම app එක නිමවා තිබෙනවා පරිශීලකයා හට වඩා ඉහල සේවාවක් සැපයීමට.
Slow networks වලද හොදින් වැඩ කරන ලෙස මෙම app එක නිමවා ඇති අතර networks conditions වෙනස් වුනත් video call quality එක වෙනස් කරමින් දිගටම call එක පවත්වා ගැනීමට කටයුතු කරයි.

Bandwidth [විද්‍යුත් සන්නිවේදන උපකරණ හෝ පද්ධති වල සම්ප්‍රෙෂන ධාරිතාව] එක limit වුනාම call එකේ resolution අඩු කරමින් ඇමතුම smooth (සුමට ලෙස,හිර වෙනව වගේ වෙනස් වීම් වලට භාජනය නොවී) පවත්වා ගැනීමට මෙම ඇප් එක නිර්මාණය කර ඇත.එමෙන්ම call drop නොවී wifi හා mobile data අතර මාරු වෙමින් ඇමතුම දිගටම පවත්වා ගැනීමට මෙම app එක කටයුතු කරයි.

Google Duo හි " Knock Knock " නමින් feature එකක් හදුන්වා දී ඇත.එනම් දුරකථන ඇමතුම answer කිරීමට පෙර සිටම ඇමතුම ලබා දෙන්නාගේ live video එක අපට දර්ශනය වෙයි.(ඉහත screenshot බලන්න ) මෙම නව feature (විශේෂාංගය) මගින් ඔබට call එක answer කිරීමට පෙරම තත්වය පිලිබදව දල අවබෝධයක් ලබා ගත හැක.      උදාහරණයක් ලෙස ඔබේ මිත්‍රයකු උපන්දින කේක් එක කපන අවස්තාවේ ඔබට සජීවී ඇමතුමක් ලබා ගත්තේ නම් ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින්ම සංවාදය ආරම්භ කල හැක.

ආරක්ෂාව [security] ඉතා ඉහල මට්ටමෙන් සලසා ඇති අතර end end encrypted පහසුකම ලබා දී ඇත.
මෙම app එක Android මෙන්ම Ios වලටද ලබා දී ඇති නිසා  platform එක නිසා ඇතිවන බාධවද මග හරවා වඩාත් පහසුවෙන් ඔබේ සමීපතයන් හා සම්බන්ධ විය හැක.

දැනටමත් විශාල රටවල් සංඛ්‍යාවකට ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් ලෝකය පුරාම ව්‍යාප්ත [worldwide] කිරීමට සැලසුම් කර ඇත.

හරි එහෙනම්,ඔබ පුන පුනා බලා සිටි ප්‍රශ්නය ? ලංකාවට ලබා දී ඇත්ද. ? කියන්න සතුටුයි,ඔව් ලබා දීල තියෙන්නේ.

Play store download  link පහල


Downloads⏬

Download from Play store-
Click here

Googles official site for app-
click here


No comments:

@templatesyard